ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ පිහිටා ඇති බදුල්ල උරුම කලාපයේ ප්‍රාග් ඓතිහාසික අවදියේ සිට (අදින් වසර 30,000 ට පමණ පෙර) මානව ක්‍රියාකාරකම් සිදු වූ කලාපයක් ලෙස පුරාවිද්‍යාත්මකව තහවුරු කරගෙන ඇත. මෙහි ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වූ ගල් ගුහා හා පතන් බිම් ගණනාවක් හඳුනාගනෙ ඇත. එමෙන්ම ඓතිහාසික යුගය නියෝජනය කරන සෙල්ලිප සහිත කටාරම් කෙටූ ගල්ලෙන් වලින් යුත් බෞද්ධ විහාරාරම රාශියක් මෙම කලාපය තුළ ව්‍යාප්තව පවතී. 17 වන සියවසේ අග භාගයේ දී ඉංග්‍රීසීන් විසින් මධ්‍යම කඳුකරය කේන්ද්‍ර කරගනිමින් සිදු කළ කෝපි හා තේ වගාවත් සමග බදුල්ල ප්‍රදේශයද යටත් විජිත පාලනයට නතු විය. එහි ප්‍රතිඵලයක් ලෙස යටත් විජිත යුගය නියෝජනය කරන දේවස්ථාන, තේ කර්මාන්ත ශාලා, මහාමාර්ග, දුම්රිය මාර්ග, පාලම්, දුම්රිය ස්ථාන ආදී ශ්‍රී ලංකාවේ යටත් විජිත උරුම ගණනාවක් මෙම ප්‍රදේශයේ දී දක්නට හැකිය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආදිවාසීන් වන වැදි ජනතාව ජීවත් වන ප්‍රදේශ ගණනාවක් ද මෙම උරුම කලාපය තුළ පිහිටා ඇත. ඒ අතරින් මහියංගන දඹාන වැදි ගම්මානය සුවිශේෂී වේ.

2016 වර්ෂයේ දී මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙම කලාපය තුළ උරුම කළමනාකරණ කටයුතු ආරම්භ කළ අතර එහි දී ආදි වාසී වැදි ජනතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත.

Welekade old market- Badulla