ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මඩකලපු නගරය කේන්ද්‍ර කරගනිමින් මෙම උරුම කලාපය හඳුනාගත හැකිය. ඓතිහාසික යුගයේ දිගාමඩුල්ල ලෙස හැඳින්වූ භූමි කලාපයේ එක් කොටසක් ලෙස මෙම මඩකලපුව හඳුනාගත හැකිය. අනුරාධපුර යුගයේ දී රටට අවශ්‍ය ආහාර සැපයූ කලාපයක් ලෙස දිගාමඩුල්ල ක්‍රියාත්මත වී ඇත. සද්ධාතිස්ස රජු (ක්‍රි.පූ. 137-119) මෙම ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු දියුණු කිරීම සඳහා විශාල සේවයක් කළ බවත් ප්‍රදේශයේ බෞද්ධ වෙහෙර විහාර රාශියක් කරවූ බවත් ඓතාහසික මූලාශ්‍ර (මහාවංශය) මගින් තහවුරු වී ඇත. ක්‍රි. ව. 8 වන සියවසේ දී පමණ මෙම කලාපයට පැමිණි අරාබි වෙළෙන්දන්ගෙන් මෙම කලාපයේ මුස්ලිම් ජනයා ව්‍යාප්ත වී ඇත. ඉන් අනතුරුව ක්‍රි.ව.1622 දී මෙම කලාපය පෘතුගීසීන්ගේ ග්‍රහනයට නතු වේ. ඉන් අනතුරුව මෙම කලාපයේ යටත් විජිත ක්‍රියාකාරකම් සිදු වී තිබේ. මෙවැනි පසුබිමක් තුළ මඩකලපු උරුම කලාපයේ බහු ආගම් (බෞද්ධ, හින්දු, මුස්ලිම් හා කතෝලික) නියෝජනය කරන පුරාවිද්‍යාත්මක උරුමයන් ව්‍යාප්ත වී ඇත. එසේ වුව ද පසුගිය 30 වසරක කාලයක් තුළ පැවති සිවිල් යුද්ධයත් සමග එම උරුමයන් ද විනාශ වී යාමේ තර්ජනයට ලක්ව තිබිණ.

2017 වර්ෂයේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙම කලාපයේ උරුම කළමනාකරණ කටයුතු ආරම්භ කරන අතර එම කටයුතු මඩකලපුව ලන්දේසි බලකොටුව කේන්ද්‍රකර ගනිමින් සිදු කරනු ලබයි.

Batticaloa Portuguese fort