දඹදෙණිය පුරාණ ශ්‍රී ලංකාවේ තුන් වන අගනගරය විය. 13 වන සියවසේ දී රජ පැමිණි තුන් වන විජයබාහු රජතුමා විසින් දන්ත ධාතූන් වහන්සේ මෙහි දළදා මැදුරක තැන්පත් කිරීම නිසා ද මෙය වැදගත් ස්ථානයක් බවට පත්විය. මෙහි පළමුව දිය අගලකින් සහ මඩ වගුරකින් ද කොටු පවුරකින් ද ආරක්ෂා වූ කඳු මුදුනේ තනවන ලද බලකොටුවක් මෙන් භාවිතා විය. එහි රාජකීය උද්‍යානයක් ද විය. විජයබාහු රජතුමාගේ ඇවෑමෙන් රජ බවට පත් වූ දෙවන පරාක්‍රමබාහු වර්ෂ 1270 තෙක් මෙහි රජකම් කළේ ය. දෙවන පරාක්‍රමබාහු රජු කවියෙකු හා පඩිවරයෙකු ද වූ විශිෂ්ට පාලකයෙකු වූ හෙයින් ඔහුගේ රාජ්‍ය අවධියේ දී දඹදෙණිය මහත් ශ්‍රී විභූතියට පත් විය. ඔහුගෙන් පසුව සිව් වන විජයබාහු (1270-1272) සහ පළමු වන බුවනෙකබාහු (1272-1284) රජවරු දඹදෙණියේ රජකම් කළහ. බුවනෙකබාහු විසින් පසුව යාපහුව රාජධානිය කරගන්නා ලදි.

Dambadeniaya-3

දඹදෙණියෙහි වඩාත් ආකර්ශනීය ස්ථාන

යාපහුව

දඹදෙණිය බලකොටුව

විජයසුන්දරාරාම රජමහා විහාරය

වඩුවා කෙටූ ගල