මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් වයඹ චතුරශ්‍රය ලෙස හඳුනාගෙන ඇති ස්ථාන හතරකින් එකක් වේ. පඩුවස්නුවර විශේෂ වැදගත් බවකට පත් වන්නේ මහා පරාක්‍රමබාහු රජු පොළොන්නරුව කේන්ද්‍ර කොට ගෙන සමස්ත ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයට පත්වීමට පෙර ඊට සූදානම් වෙමින් දක්ඛිණ දේශයේ ප්‍රාදේශීය පාලකයා වී සිටි අවධියෙහි එය තම අගනුවර කර ගත් බැවිනි. රජු මෙහි කලින් පැවති වැවක් විශාල කොට සාදවා මුළු ප්‍රදේශයේ ම ගොවිතැන දියුණු කරමින් පොළොන්නරුව අල්ලා ගැනීම සඳහා සූදානම් වූ බවත් එහි අගනා රජමාළිගාවක් තැන වූ බවත් පෙනේ. එදා එය "පරාක්‍රමපුරය" යැයි නම් වී තිබුණි. මාළිගයේ නටබුන් මෙහි දිස්වන අතර භූමි සැලැස්මෙන් එය පොළොන්නරුවේ මාළිගයට සමානව නමුත් එතරම් විශාල නොවී ය.

දඹදෙණියෙහි අවසන් වරට රජ කළ පළමුවන බුවනෙකබාහු (1272-1284) රාජධානිය යාපහුවට ගෙන ගියේ ය. ඔහුගේ මරණින් පසු වසරක පමණ පැවැති අරාජක සමයෙහි පාණ්ඩ්‍ය සේනා රට ආක්‍රමණය කොට දළදා හා පාත්‍රා ධාතු පැහැරගෙන ගිය පසු (1293) පාණ්ඩ්‍ය දේශයට ගොස් ගිවිසුමකට එළඹ පාත්‍රා හා දන්ත ධාතු ආපසු ගෙන ආ බව කියැවේ. ඔහු ටික කලක් පඩුවස්නුවර විසූ බව පෙනේ. එම සිද්ධි 12 වන හා 13 වන සියවස්වලට අයත් ය. පඩුවස්නුවර නටබුන් හෙක්ටයාර් 20ක පමණ විසිරී තිබේ.

Paduwasnuwara 2

පඩුවස් නුවර වඩාත් ආකර්ශනීය ස්ථාන

බෝධිගර

චක්‍රාවලය

මාළිගා නටබුන්

බෞද්ධ පංචායතාන නටබුන්