සංස්කෘතික ත්‍රිකෝණයෙහි අනුරාධපුරයට නැගෙනහිරින් පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙවන අගනගරය වූ පොළොන්නරුව ය. පොළොන්නරු උරුමය සියවස් දෙකක පමණක් පැවතුණත් එහි රජ පරපුර පහසුවෙන් අමතක කළ නොහැකි අන්දමට සුවිසල් ස්මාරක රාශියක් ඔවුන් ඉතිරි කර ගොස් තිබේ. පොළොන්නරුව පළමුවෙන් අගනගරය බවට පත්කරන ලද්දේ වසර 52කට පසු චෝළ ආක්‍රමණිකයන් පරදවා දේශය මුදා ගත් 1 වන විජයබාහු රජතුමා විසිනි. ඉන්පසු විජයබාහු රජ තම දීර්ඝ පාලන කාලය යෙදෙව්වේ දේශය යළි ගොඩනැගීම සඳහා ය. එසේ හෙයින් පොළොන්නරු නගරය මූලික වශයෙන් පරාක්‍රමබාහු රජතුමාගේ නිර්මාණයක් වන්නේ ය. එතුමන් විසින් නගරය වටා ප්‍රාකාරයක් ඉදි කරන ලද අතර ඇතුළු නුවර ආරක්ෂක ප්‍රාකාර තවත් ශක්තිමත් කරවන ලදි. එතුමා විසින් පොළොන්නරුවේ පිහිටි වැව් තුනක් එකතු කොට සුවිසල් පරාක්‍රමබාහු සමුද්‍රය ඉදිකරන ලදි.

පොළොන්නරුව අසහාය නගරයක් වන්නේ එහි ඇති දර්ශනීය මහා ගොඩනැගිලි නිසා ය. ඒවා බෞද්ධ මෙන් ම හින්දු සංස්කෘතියටත් අයත් ය. ලංකාතිලකය, තිවංක පිිළිමගෙය, වටදාගෙය, සත්මහල් ප්‍රාසාදය වැනි මහා විහාර මන්දිර යනු සංචාරකයින් විසින් නැරඹිය යුතු දර්ශනීය ස්ථාන අතුරෙන් ස්වල්පයකි.

PotgulVehera-Statue

පොළොන්නරුවෙහි වඩාත් ආකර්ශනීය ස්ථාන

×

Royal-Palace-of-King-Parakramabahuපරාක්‍රමබාහු රජුගේ රජමාළිගාව

මහල් පහකින් සමන්විත වී යැයි කියනු ලබන අති දැවැන්ත ලෙස ගඩොලින් නිර්මිත පරාක්‍රමබාහු රජ මාළිගය සිත් ඇදගන්නාසුලූ ගොඩනැගිල්ලකි. රජු මෙය ශක්‍රයාගේ වාස භවනය සිහිපත් කරමින් වෛජයන්ත ප්‍රාසාද යැයි නම් කළේ ය. මාළිගයට ඇතුළු වන විට ම ඇත්තේ දැවැන්ත බිත්තිවලින් ආවරණය වී ඇති මහා ශාලාවකි. මෙය රජුගේ දැකුම් මඩුව වන්නට ඇත. මෙම මාළිගා සංකීර්ණයට බිසෝවරුන් සඳහා වූ වෙන ම මාළිගා කොටසක්, නිලධාරී නිවාස, උද්‍යාන හා නාන පොකුණු ඇතුළත් විය. සම්පූර්ණ මාළිගා සංකීර්ණය ම පුළුල් කොටු පවුරකින් සුරක්ෂිත විය. එහි මුරකුටි, මුර අට්ටාල, චංකමන පථ ආදියෙන් පවුර සමන්විත ව තිබුණි.

×

Council-Chamber-of-Nissankamallaනිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපය

ශිලාමය පුවරුවලින් හා ස්ථම්භවලින් නිර්මිත නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපය එහි අසුන්ගත් ඒ ඒ නිලධාරීන් ගැන ද සඳහන් කෙරෙන විශේෂ ගොඩනැගිල්ලකි. එම අවධියෙහි රාජ සභාවට ඇතුළත් ව සිටි නිලධාරීන්ගේ නාම මෙම ගල් ටැම්වල කොටා ඇත. මණ්ඩපයේ දකුණු කෙළවර ගලින් නිම වූ සුවිසල් සිංහ රූපයකි. සිංහ උදරයේ කොටා ඇති ශිලා ලේඛනයක පැවසෙන පරිදි මෙය රජුගේ සිංහාසනය විය.

×

PotgulVehera-Statueපොත්ගුල් වෙහෙර ප්‍රතිමාව

පොත්ගුල් වෙහෙරේ සීමාවට නුදුරුව ම පිහිටි ගලෙන් නෙළා ඇති මෙම විශාල ප්‍රතිමාව මහා පරාක්‍රමබාහු රජුගේ රුව යැයි ඇතැමුන් විශ්වාස කරන අතර ඇතැමුන්ගේ අදහස වන්නේ එය ඍෂිවරයෙකුගේ රූපය කියා ය. මෙය දිවයිනේ ඇති අගනා ම ප්‍රතිමාවකි. එහි උස අඩි 11 අඟල් 6 කි. පිළිමයෙහි දෑතේ පුස්කොළ පොතක් වැනි යමක් දරා සිටින අයුරකි. මෙය රජ කෙනෙකුගේ ප්‍රතිමාව නම් දෑතේ දරා සිටින්නේ "රාජ ධූරය"(විය ගහ) යැයි මතයක් ඉදිරිපත් ව ඇත.

×

Parakrama-Samudra-2පරාක්‍රම සමුද්‍රය

පරාක්‍රම සමුද්‍රය නිම වී ඇත්තේ කළින් පැවති වැව් තුනක් යා කොට තවත් විශාල කිරීමෙනි. එහි නිර්මාතෘ මහා පරාක්‍රමබාහු රජතුමා ය. උතුරු කොටසෙහි ඇත්තේ තෝපා වැව ය. මැද කොටසේ එරමුදු වැවත් දකුණු කොටසේ දුඹුටුලූ වැවත් තිබුණි. රජුගේ අරමුණ වූයේ දේශය සහලින් ස්වයංපෝෂිත කර මෙය "පෙරදිග ධාන්‍යාගාරය" බවට පත් කිරීම ය. මෙය වැව් බැම්මේ පිහිටා ඇති තානායමේ සිට බලන සංචාරකයන්ගේ මන බඳින දර්ශනයකි.

×

The Sacred Quadrangle2දළදා මලූව

පරාක්‍රමබාහු මාළිගා සංකීර්ණයෙන් උතුරුදිග කලූ ගලින් උස් කොට තනන ලද විශාල වේදිකාවක් මත පිහිටුවා ඇති දළදා මලූව ගොඩනැගිලි කිහිපයකින් සමන්විත අතර එම ගොඩනැගිලි පොළොන්නරු අවධියේ වාස්තු විද්‍යා නිර්මාණයන්ගේ ශ්‍රී විභූතිය මනා ව ප්‍රකට කරයි. මෙහි ථුපාරාම පටිමාඝරය ද අටදාගේ නම් දළදා මාළිගාව ද සැටදාගේ නම් පාත්‍රා ධාතු මන්දිරය ද නිශ්ශංකලතා මණ්ඩපය ද ගල්පොත ශිලා ලේඛනය ද සත්මහල් ප්‍රාසාදය නම් විශේෂ ගොඩනැගිල්ල ද පිහිටා තිබේ.

Watadageවටදාගේ

දළදා මලූවට ඇතුළු වන විට වම් අත පැත්තේ කවාකාර ගොඩනැගිල්ලක් වන වටදාගේ පිහිටා තිබේ. මෙහි මධ්‍යයේ වූ ඉහළ මාලයකයෙහි පරාක්‍රමබාහු රජ දවස දළදා වහන්සේ වැඩ හිඳුවා තිබුණු බව පැවසේ. වටදාගේ මැද චෛත්‍යයකි. වටේට සිව් කොනේ බුද්ධ ප්‍රතිමා ය. මෙහි දොරටුවේ පාදමෙහි පොළොන්නරුව අවධියට අයත් අගනා ම සඳකඩ පහණ පිහිටා ඇත.

Hetadageහැටදාගේ

නිශ්ශංකමල්ල රජු විසින් සැට දිනකින් නිමවන ලදැයි කියන දළදා මාළිගාව ය. ගලින් නිමවා ඇති මෙහි ප්‍රවේශකයේ බිත්තියෙහි ද පිටත බිත්තියෙහි ද අභ්‍යන්තරයේ පළමු කුටියෙහි ද නිශ්ශංකමල්ල රජතුමා ම විසින් කොටවන ලද ශිලා ලේඛන තිබේ. මෙහි සෝපාන පද්ධතියක් ඇතත් ඉහළ මාලයේ කොටස් දැනට ඉතිරි වී නැත.

AtadageQuadrangleඅටදාගේ

පොළොන්නරුවේ ඇති පළමු දළදා මාළිගාව වන්නේ 1 වන විජයබාහු රජු විසින් 11 වන සියවසේ දී නිම වන ලද අටදාගේ ය. අටදාගේ යන නමින් දැක්වෙන්නේ මෙය ධාතූන් වහන්සේලා අට නමකට සෙවණ දුන් බව ය. දැනට මින් ශේෂ වී ඇත්තේ ගල් කණු 54ක් පමණි. ඒවා මගින් දළදා වහන්සේ තැන්පත් ව තිබූ ඉහළ මාලය දරා සිටින්නට ඇත. මෙම ටැම් බොහොමයක සෙල්ලිපි ඇත. මෙහි ඇති දෙමළ සෙල් ලිපියකින් අටදාගේ එදා ආරක්ෂා කළ දකුණු ඉන්දීය මුරභටයින්ට දළදා වහන්සේ ආරක්ෂා කරන ලෙස දන්වා තිබේ. මෙම සිද්ධිය වර්තමාන රෝමයේ පාප් වහන්සේ ස්විස් ජාතික ආරක්ෂකයින් විසින් රකිනු ලැබීම සිහිගන්වන්නකි. ධාතුගෙය එහා කෙළවරේ මීටර් තුනක් පමණ උසින් යුතු බුදු පිළිමයකි.

Nissankalatha-mandapaනිශ්ශංක ලතා මණ්ඩපය

දළදා මලූවේ ඇති ඉතා මනහර ගොඩනැගිල්ලක් නම් ශ්‍රී ලාංකීය වාස්තු විද්‍යාවෙහි පුෂ්පමය අලංකරණ සඳහා මහඟු උදාහරණයක් සපයන නිශ්ශංක ලතා මණ්ඩපයයි. පෞරාණික බොහෝ ගොඩනැගිලිවල දක්නට ලැඛෙන ඍජු ස්තම්භ වෙනුවට මෙහි ඇත්තේ ලතාකාරයට වක් ව නැගී සිටින ස්තම්භ සමූහයකි. නිශ්ශංකමල්ල රජු විසින් 12 වන සියවසේ දී කරවන ලද මෙය මධ්‍යයේ කුඩා ස්තූපයක් තිබුණු අතර ස්තම්භයන් විසින් දැව වහළක් දරා සිටින්නට ඇත.

වක් වූ ස්තම්භ මුදුනෙහි නෙළුම් මල් දරා සිටින නෙළුම් දඩු නිරූපණය කෙරෙන්නේ ය. කළින් පැවති සරලභාවය මුල් කරගත් කලා ස්වරූපයන්ගෙන් වෙනස් වී වඩා විචිත්‍ර අලංකරණ සහිත කලාවකට නැඹුරුවීමක් මෙම ගොඩනැගිල්ලෙන් දැකිය හැකි ය.

Sathmahal-pasadaසත්මහල් ප්‍රාසාදය

මෙය අන් කිසි තැනක නැති කේවල නිර්මාණයකි. එයට මුල් වූයේ පුරාණ ඊජිප්තුව, කම්පුචියාව හෝ සියමේ ඇති නිර්මාණ ස්වරූපයක අතීත නිරූපණය විය හැකි ය. මෙය නමින් සඳහන් පරිදි ඉහළට කුඩාව නැගෙන පිරමීඩාකාර මහල් සතකින් යුක්ත ය. මෙය රජතුමාගේ සේවයේ සිටි කම්පුචියානු හේවායන්ගේ පුද පූජා සඳහා ඉදිකරන ලදැයි සැලකේ. එයට දොරටු සතරක් සිව්දිගින් තිඛෙන ආකාරය දක්වා ඇති අතර ඉහළ මාලවලට නැගීම සඳහා පියගැට ද පසෙකින් නිමවා තිබේ. කවරෙකුගේ නිර්මාණයක් ද යන්නත් අවිනිශ්චිත ය.

Galpothaගල්පොත

නිශ්ශංකමල්ල රජුගේ ශිලා ලේඛනයක් වන මෙය අඩි 26 අගල් 10 ක් දිග වන අතර අඩි 4 අගල් 2 ක් පමණ පළලකින් හා අඩි 2 ක් පමණ ඝණකමින් යුක්ත වේ. එහි ඇති ශිලා ලේඛනයෙන් සදහන් වන්නේ නිශ්ශංකමල්ල ශ්‍රී ලංකාවට පැමිණි ආකාරයත්, දැනුම ලබාගත් ආකාරය හා රාජ්‍යත්වය සදහා තමුන් සුදුසුකම් ලබාගත් ආකාරයයි. මෙහි සඳහන් ආකාරයට මෙම ශිලා කුට්ටිය ගෙනවිත් ඇත්තේ මිහින්තලේ සිටය. ගල්පොත දෙපැත්තේ හස්තීන් විසින් ජලයෙන් නාවනු ලබන සරස්වතී දෙවඟනගේ රූපයක් කොටා ඇත.

×

Rankothweheraරන්කොත් වෙහෙර

නිශ්ශංකමල්ල රජතුමා විසින් තනවන ලද රන්කොත් වෙහෙර හෙවත් ස්වර්ණමාලී ස්තූපය අනුරාධපුරයේ සුප්‍රකට රුවන්වැලි සෑය හා සමාන ය. දාගැබ් මළුවට ඇතුළු වන තැන ගලින් නිම වූ ආසනයක් ඇත. එහි කොටා ඇති සෙල්ලිපියෙන් කියැවෙන්නේ රජතුමා එහි හිඳගෙන ස්තූප නිර්මාණය නැරඹූ බව ය. ස්තූපය වෙත යෑමට ගලින් නිම වූ මාර්ගයක් තිබේ. ස්තූපයේ සිව් දිග් භාගය සඳහා ඇතුළු වීමට ද්වාර ඇත. ස්තූපයේ ගෝලාකාර ගර්භය ඉදි කැරුණේ මධ්‍යයෙහි පිහිටුවන ලද ඝන චතුරශ්‍රයක් මත ය. මෙය ස්තූප නිර්මාණයෙහි විශේෂ උපක්‍රමයක් වේ.

×

Alahana-Parivenaආළාහන පිරිවෙන

මෙය භික්ෂු අධ්‍යාපන ආයතනයක් ලෙස පරාක්‍රමබාහු රජතුමා විසින් ගොඩනංවන ලද්දකි. මෙය ගොඩනැගීමේ දී ඔහු විසින් ස්වභාවික ව පිහිටි කඳු ගැටය මද වශයෙන් බෑවුම් සහිත මාලකවලට සකස් කරන ලද අතර ඉහළ ම මාලකය වේදිකා දෙකක් ලෙස සමතලා කරන ලදි. කඳු ගැටය දාගැබක් සඳහා සකස් කෙරුණි. එම දාගැබ කිරි වෙහෙර නම් විය. ලංකාතිලක පටිමාඝරය ද බද්ධසීමා ප්‍රාසාදය නම් සන්නිපාත ශාලාව ද එහි ඉදි කෙරුණි. මෙම ස්ථානයෙහි මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් කරන ලද කැණීම්වලින් තවත් බොහෝ ගොඩනැගිලි ගැන දැනගන්නට ලැබුණි. ඉන් විශේෂ වන්නේ 12 වන සියවසේ භික්ෂූන් සඳහා වූ රෝහලක නටඹුන් ය. එතැනින් පෙර දවස භාවිත වූ ශල්‍ය උපකරණ ද ලැබී තිබේ.

Lankatilaka-Image-house-2ලංකාතිලක පටිමාඝරය

ආළාහන පිරිවෙනට අයත් ලංකාතිලක පටිමාඝරය පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද්දකි. විශාල ගොඩනැගිල්ලක් වූ මෙය මුලින් පස් මහලකින් යුක්ත විණැයි කියවේ. එයට ප්‍රවේශ වන ද්වාරයේ දෙපස ගඩොලින් නිම වූ සුවිසල් ස්තම්භ දෙකක් වේ. මෙම යෝධ ගොඩනැගිල්ල පුරාණ ග්‍රීසියේ තිබුණු ගොඩනැගිලි හා සමාන කොට ඇත. මෙහි ගඩොලින් බැඳ තිබුණු බුදු පිළිමය මුල දී අඩි 40ක් උස විය. පොලොන්නරුව යුගයට අයත් බිතුසිතුවම් සාදක මෙහි දක්නට හැකිය.

KIriwahara-25කිරිවෙහෙර

පොළොන්නරුවේ ඇති ස්මාරක අතුරෙන් සාම්ප්‍රදායික ස්තූපයක තිබුණු ප්‍රධාන අංග නිරූපණය වන එක ම ස්මාරකය ලෙස කිරිවෙහෙර හැඳින්විය හැකි ය. එනම් තුන්මහල් පේසාව, ගර්භය, හතරැස් කොටුව, දේවතා කොටුව සහ කොත් කැරැල්ල යනුවෙනි. ලක්දිව ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී.පි. ඛෙල් නිදන් සොරුන් විසින් ගර්භය තුළට කපා තිබුණු උමග එළිපෙහෙලි කිරීමේ දී ඒ වන විට නිදන් සොරුන් විසින් කොල්ලකා තිබුණු ගර්භ ගෘහ දෙකක් හඳුනාගෙන ඇත.

Baddasima-pasadaබද්ධසීමා ප්‍රාසාද

මෙය පුරාණ ශ්‍රී ලංකාවේ පැවති විශාලතම සන්නිපාත ශාලාව වූයේ ය. පරාක්‍රමබාහු රජතුමා විසින් සාදවන ලද මෙය මුල දී මහල් 12කින් සමන්විත විය. මෙම සුවිසල් ගොඩනැගිල්ල ඉදි කරන ලද්දේ භික්ෂූන් වහන්සේලාගේ කටයුතු සඳහා ය. පොහොය කිරීම වැනි විනය කර්ම සඳහා ද මෙය භාවිත කළ භික්ෂූන් වහන්සේලාගේ සියලූ අවශ්‍යතා එහි සපයා දී තිබුණි.

Ancient-hospitalපුරාණ රෝහල

දොළොස් වන සියවසට අයත් මෙම රෝහල අලාහන පරිවෙන පරිශ්‍රයට අයත් එකකි. ආයතචතුරශ්‍රාකාර මෙම ගොඩනැගිල්ලේ මැද මිදුලක් වූ අතර ඒ වටා කුටි ඉදිකර තිබුණි. රෝගීන්ට ප්‍රතිකර්ම කිරීමේ දී පුරාණයේ යොදාගත් විවිධ ක්‍රම මෙමගින් පැහැදිලි කරගත හැකි විය. උදාහරණ වශයෙන් දකුණුදිග කෙළවර කුටියේ තිබූ ඛෙහෙත් ඔරුව මිනිස් සිරුර බහාලීම සඳහා ගලෙන් නිමවා තිබුණු අතර එය අද ද දැකිය හැකි ය. මෙම ස්ථානයේ කැණීම්වල දී ප්‍රතිකර්ම හා ශල්‍යකර්ම සඳහා භාවිත කරන ලද උපකරණ ගණනාවක් සොයාගත හැකි විය. ඒවා පොළොන්නරුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෞතුකාගාරයෙහි ප්‍රර්ශනයට තබා ඇත.

×

Galviharaගල් විහාරය

ගල් විහාරය යනු ආළාහන පරිශ්‍රයට උතුරෙන් පිහිටා ඇති මනරම් ශිලා ප්‍රතිමා කීපයකින් සමන්විත විහාරයකි. මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකළ මෙය පුරාණයේ උත්තරාරාමය ලෙස හැඳින්වුණු මෙහි බුදුරදුන් ඉරියව් තුනකින් නිරූපිත ය. එනම් හිඳි පිළිම දෙකක්, හිටි පිළිමයක් හා සැතපෙන පිළිමයක් වශයෙනි. ශ්‍රී ලාංකේය ප්‍රතිමා ශිල්පයෙහි අති විශිෂ්ටතම නිර්මාණ ලෙස මෙම ප්‍රතිමා හැඳින්විය හැකි ය.

×

Tiwanka-Image-house-2තිවංක පටිමාඝරය

පොළොන්නරු යුගයට අයත් හොදින් ආරක්ෂා වී ඇති ප්‍රතිමා ගෘහයක් ලෙස තිවංක පිළිමගෙය හඳුනාගත හැකිය. විශේෂයෙන් පොළොන්නරු යුගයට අයත් බිතුසිතුවම් විශාල ප්‍රමාණයක් මෙහි දී දක්නට හැකිය. මෙම ගොඩනැගිල්ලේ පිටත බිත්තියෙහි ඉතා මනරම් ප්‍රතිමා කැටයම් දැක්ක හැකි ය. මෙහි සිංහ රූප, වාමන රූප ඒ අතරින් විශේෂ ය. ගොඩනැගිල්ල ඇතුළත බිත්තිවල මධ්‍යකාලීන විහාර මන්දිරයන්හි නිතර නිරූපණය වූ බුදුරදුන් අවසාන භවයේ උපත ලබා සිටි තුසිත දිව්‍ය භවනයේ දෙවි දේවතාවුන් නිරූපණය කර තිබේ. මෙම පටිමාඝරයෙහි වන්දනාකරුවන්ගේ සිත් බුදුරදුන් වෙත යොමු කරමින් පහන් සිත් වැඩීම සඳහා දෘශ්‍යමය කලාව භාවිත වූවයි කිව හැකි ය.

×

Lotus-Pondනෙළුම් පොකුණ

ශෛලීගත ව සම්පූර්ණ කලූ ගලින් නිර්මිත නෙළුම් මලක හැඩයෙන් යුත් මේ අසහාය පොකුණ භික්ෂූන් වහන්සේලාගේ ස්නානය සඳහා යොදා ගැනුණකි. මල් පෙති ආකාරයෙන් මනාව නිම වී ඇති පොකුණු අභ්‍යන්තරයේ මාලක භික්ෂූන් වහන්සේලා ස්නානයේ දී හිඳ ගැනීම පිණිස විය. භූගත ව නිර්මිත මැටි නළ මඟින් පොකුණ පිරවීම මෙන් ම හිස් කිරීම ද සිදු විය.

×

Hindu Shrinesහින්දු දේවාල

එකොළොස් වන සියවස මුල දී සිදු වූ චෝල ආක්‍රමණය නිසා පොළොන්නරුවෙහි දැඩි හින්දු බලපෑමක් දක්නා ලැබුණි. ඒ අනුව මෙම පෙදෙසේ හින්දු දේවාල 14ක් වත් සොයා ගත හැකි විය. මෙම දේවාල පරිශ්‍රයන්ගෙන් සොයා ගැනුණු හින්දු ප්‍රතිමා රාශිය එම ප්‍රතිමා නිර්මාණ අතර ඉහළ ම කලාත්මක අගයෙන් යුක්ත නිර්මාණ බව කිව හැකි ය.

×

Shiva-Devala-no-1ශිව දේවාලය අංක 01

පූජකවරුන් විසින් පුද පූජා පවත්වනු ලබන දේව ත්‍රිමූර්තිය නම් ශිව, විෂ්ණු හා මහේෂ්වර ය. දළදා මලූව ආසන්නයේ ඇති මේ ශිව දේවාලය තනන්නට ඇත්තේ 13 වන සියවසේ දකුණු ඉන්දීය (මාඝ අවධියේ) ආධිපත්‍යය මෙහි පැවති කාලයේ දී විය හැකි ය. මෙම ස්ථානයෙන් අගනා ලෝකඩ පිළිම ගණනාවක් සොයා ගැනුණි.

ශිව දේවාලය අංක 02

×

ShivaDevalano22ශිව දේවාලය අංක 02

මෙය පොළොන්නරුවේ ඇති පැරණිතම ගොඩනැගිල්ලක් ලෙස සැලකේ. මෙය අදට ද හොදින් ආරක‍ෂා වී ඇති ශිලාමය ගොඩනැගිල්ලකි. රාෙජ්න්ද්‍ර නම් චෝළ රජුගේ දේවිය වෙනුවෙන් ඉදි කෙරුණු මෙම දේවාලයේ ශිලාමය බිත්තිවල දෙමළ ශිලා ලේඛන දක්නා ලැබේ.

×

Naipena-viharaනයිපෙණ විහාරය

විෂ්ණු දේවාලයක් වූ මෙහි ගඩොලින් නිර්මිත ස්තූපාකාර මුදුනට ඉහළින් නයි පෙණයක් නිරූපිත ව තිබුණි. ගොඩනැගිල්ල නටබුන් වීමේ දී පසෙක වැටී තිබුණු නයි පෙණය සොයාගත හැකි විය. මෙම ස්ථානයෙන් ද ලෝකඩ ප්‍රතිමා කීපයක් සොයා ගත හැකි වූ අතර ඒවා දැනට මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය වේ.