අනුරාධපුරයේ වැටීමෙන් පසු චෝළ ආක්‍රමණිකයන් විසින් ක්‍රි.ව. 1017 සිට 1070 තෙක් උතුරුදිග ලංකාවේ සිය අණසක පතුරුවාගෙන වාසය කරන ලදි. චෝළ බලය පරාජය කිරීමේ කාර්යය තමන් වෙත පවරා ගත් 1 වන විජයබාහු රජතුමා වසර 15ක් රම්බා විහාරය මූලස්ථානය කරගෙන සේනා රැස් කළේ ය. වර්ෂ 1017 දී චෝළ බලය සුන් කර පොළොන්නරුවේ රජවීමට එතුමාට හැකි වුණි. ඉතිහාස මුලාශ්‍ර දක්වන පරිදි ඉන්පසු මහා පරාක්‍රමබාහු රජතුමා ද පොළොන්නරුවේ රජු බවට පත්වීමට පෙර සිය පවුල සමග රම්බා විහාරයේ නැවතී සිට ඇත. මෙහි ඇති ස්තූපයේ වරෙක දළදා වහන්සේ ද තැන්පත් කොට තිබුණි. දිවයිනේ නා නා ප්‍රදේශයන්ගෙන් පැමිණි භික්ෂූන් වහන්සේ රම්බා විහාරයට පැමිණ භාවනා ආදී විවිධ ආගමික කටයුතුවල නිරත වූ බව පෙනේ.

මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මෙහි කළ කැණීම්වලින් පැහැදිලි වූයේ 12 වන සියවසේ පමණ සිට මෙම ස්ථානය විවිධ රටවල් සමග වූ සබඳතා සම්බන්ධ කේන්ද්‍රස්ථානයක් වී පැවති බව ය. වලවේ ගඟ සමීපයේ පිහිටා ඇති හෙයින් මෙම විහාර සංකීර්ණය වෙළඳ කටයුතු සඳහා සුදුසු ස්ථානයක් වන්නට ඇත. මෙහි කරන ලද කැණීම් මඟින් අනුරාධපුර අවධියට අයත් පුරාවස්තු ගණනාවක් සොයා ගැන්මට මධ්‍යම සංස්කෘතික අරමුදලට හැකි වී තිබේ.

Ramba-Vihara-218

රම්බා විහාරයෙහි වඩාත් ආකර්ශනීය ස්ථාන

මහ නාගකුළ

පුරාතන ජාත්‍යන්තර වරාය

බුද්ධ රූපය