රුහුණ යනුවෙන් පුරාණයේ හැඳින්වුණු ශ්‍රී ලංකාවේ දකුණුදිග පිහිටි ප්‍රදේශයේ ඉතා වැදගත් ජාතික උරුම ස්ථාන සැලකිය යුතු සංඛ්‍යාවක් දක්නට ඇත. ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් කාර්යය ගණනාවක් සිදු වූ රුහුණෙහි අගනගරය වූයේ මාගම ය. දකුණුදිග ලංකාවේ අගනුවර ලෙස සැලකුණු මෙය වර්තමානයේ තිස්සමහාරාමය ලෙස හැඳින්වේ. එය අනුරාධපුරය තරම් පැරණි ඉතිහාසයකට උරුමකම් කියන්නකි. රුහුණ පුරාණ සමුද්‍ර සේද මාවත නම් සබ`දතා ජාලයෙහි වැදගත් සන්ධිස්ථානයක් විය. මහාවංශයේ සඳහන් පරිදි මාගම නගරය ක්‍රි.පූ. 3 වන සියවසේ දී පිහිටුවන ලද්දේ මහානාග රජු විසිනි. එම ප්‍රදේශය අවට ඇති තැනිතලා ප්‍රදේශය තුළ පිහිටි ආයතාශ්‍රාකාර උස් බිමක් වන අතර එය අද අකුරුගොඩ නමින් හැඳින්වේ.

Tissa-stupa

තිස්සමහාරාමයෙහි වඩාත් ආකර්ශනීය ස්ථාන

×

Tissa-stupaතිස්සමහාරාම ස්තූපය

රුහුණේ මාගම නගරයට අයත් සුවිශේෂ ස්ථානයක් ගන්නා විහාරය නම් තිස්සමහාරාම ස්තූපය සහිත විහාරයයි. පුරාණ ලේඛනයන්හි සඳහන් ආකාරයට ක්‍රි.ව. 1 වන සියවසේ පමණ මෙහි භික්ෂූහු 12000 ක් වැඩ වාසය කළහ. මාගම රජ කළ මුල් රජතුමෙකු වූ කාවන්තිස්සයන් විසින් මෙම ස්තූපය තනවා එහි ආරාමයේ දළදා වහන්සේ නමක් ද තැන්පත් කරන ලදි. මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මෙහි කැණීම් සිදුකොට තහවුරු කිරීම් ද සිදු කරන ලදි.

×

Sandagiri-Monastery--2සඳගිරි විහාරය

තිස්සමහාරාම විහාරයෙන් නැගෙනහිරට මීටර් 300ක් දුරින් සඳගිරි විහාරය පිහිටා ඇත. එය රුහුණේ ප්‍රධාන විහාර හතර වන මැණික් වෙහෙර, යටාල වෙහෙර, තිස්සමහාරාමය හා සඳගිරිය යා කෙරෙන නැගෙනහිර - බටහිර ප්‍රධාන අක්ෂා රේඛා මෙහි එක් කොටසක් වෙයි. පළමුව මහානාග රජු විසින් ඉදි කොට පසුව කාවන්තිස්ස රජු විසින් යළි පිළිසකර කළා යැයි සැලකෙන මෙය තිස්සමහාරාම විහාරයට සමීපතම ප්‍රධාන දාගැබ වේ. කැණීම්වලින් ඉස්මතු වූ බෝධිඝරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මුල් බීජයන්ගෙන් නිපන් (අෂ්ටඵල) බෝ වෘක්ෂයන් මෙහි හිඳුවන ලද අවස්ථාවේ ඉන් එකක් මෙහි සිටුවන ලද යැයි සැලකේ. ස්තූපය හැරුණු විට පටිමාඝරයක නටබුන් ද ශිලා ලේඛනයක් සහිත ශිලා ස්තම්භයක් ද මෙහි තිබේ.