අනුරාධපුරය අභයගිරි පුරාණ අරාම සංකීර්ණය තුළ අභයගිරිය කෞතුකාගාරය පිහිටා ඇත. මෙය 1992 ජූනි මස 13 වන විවෘත කරන ලදී. පුරාණ පංචාවාස සංඝාරාම සැලැස්මෙන් යුතුව ගෘහ නිර්මාණකරණය සිදුකර ඇති මෙම කෞතුකාගාරය මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මහජන චීන සමූහාණ්ඩුවේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද්දකි. අභයගිරිය මහාවිහාරයෙහි ආරම්භක සංඝනායක කුපික්කල මහාතිස්ස බෞද්ධ භික‍ෂූන් වහන්සේ හා ක්‍රි.ව. 411-412 කාලයේ අභයගිරි මහාවිහාරයෙහි වැඩ වෙසෙමින් බුදු දහම අධ්‍යයනය කළ චීන ජාතික ෆාහියන් භික‍ෂූන් වහන්සේ අනුස්මරණය කරනු සඳහා මෙම කෞතුකාගාරය "මහාතිස්ස ෆාහියන් සංස්කෘතික සංකීර්ණය" යන නමින් හඳුන්වනු ලබන අතර මෙය අභයගිරිය පුරාවිද්‍යා පරිශ්‍රය කේන්ද්‍ර කරගත් කෞතුකාගාරයකි.

 

ශ්‍රී ලංකාව අතීතයේ දී ජාත්‍යන්තර සබඳතා පවත්වමින් ලෝකයේ විරාජමාන දේශයක් ලෙස ප්‍රකට ව තිබූ බවත් කලාව හා තාක්ෂණය අතර මනා සුසංයෝගයකින් හෙබි පිරිපුන් දේශයක් බව අභයගිරියෙන් හමු වී ඇති කෞතුක වස්තු තුළින් ජනිත කිරීම මෙම කෞතුකාගාරයේ ප්‍රධාන අරමුණ වේ.

ක්‍රි.පූ 1 වන සියවසේ සිට 11 වන සියවස දක්වා ක්‍රියාත්මක ව පැවති අභයගිරි විහාරයේ පැවති ලෝකඩ තාක්ෂණය, අක්ෂර කලාවල ආගමික සිරිත් විරිත්, මූර්ති කලාව හා කැටයම් කලාවල පුරාණ වාස්තු විද්‍යාවල සියුම් කලා තාක්ෂණය, චිත්‍ර කලාවල සනීපාරක්ෂාවල පරිසර සංරක්ෂණය, ජල කළමනාකරණ තාක්ෂණයල විහාර පරිපාලනය හා කාල කළමනාකරණය පිළිබඳ අනර්ඝ තොරතුරු පිළිබඳ කෞතුක වස්තු එකතුවක් මෙහි ප්‍රදර්ශනයට තබා ඇත.

මෙම සංකීර්ණය තුළ පහත අංග ඇතුළත් වේ

  • ප්‍රධාන ද්වාර මණ්ඩපය - අභයගිරි විහාර සැලැස්මේ ආකෘතිය
  • ප්‍රවේශ පත්‍ර හා ප්‍රකාශන අලෙවිසැල
  • කෞතුකාගාර කාර්යාලය
  • කෞතුකාගාරය
  • පුරාවස්තු ගබඩාව
  • වැසිකිළි පද්ධතිය මැටි බඳුන් අංශය
  • ශ්‍රව්‍ය දෘශ්‍ය මැදිරිය
  • පුස්තකාලය

ප්‍රදර්ශන මැදිරි සැලැස්ම

මැදිරි සැකැස්ම සිදුවන්නේ ප්‍රධාන වශයෙන් ඇතුළත හා පිටත මැදිරිය වශයෙනි. මෙම මැදිරි දෙකෙහි පහත සඳහන් විශේෂිත පුරාවස්තු ප්‍රදර්ශනය කර ඇත :

  • තඹ භාණ්ඩ
  • යකඩ භාණ්ඩ
  • හුණු ගල් පිළිම
  • ධාතු කරඩු
  • ලෝකඩ බුදු පිළිම
  • මහායාන ආගමික පුරාවස්තු
  • සමාධි බුද්ධ ප්‍රතිමා
  • හිටි බුදු පිළිම
  • මහාවිහාර සමාධි බුද්ධ ප්‍රතිමා
  • චීන පිඟන් මැටි බඳුන්
  • රන් රිදී භාණ්ඩ
  • පබළු හා ඛනිජ පුරාවස්තු
  • අෂ්ට මංගල පුරාවස්තු
  • පැරණි කාසි
  • හුණුගල් නිර්මාණ

 

විවෘතව තබන වේලාව

දිනපතා පෙ : ව : 7.00 - ප : ව : 5.30 දක්වා ( අවසන් ඇතුලත් කිරීම ප : ව: 5.00)

නරඹන්නන්ට සැපයෙන සේවාවන්

  • වැසිකිලි/කැසිකිලි පහසුකම්
  • කෞතුකාගාරය තුළ මාර්ගෝපදේශනය සඳහා තොරතුරු නිලධාරීන්ගේ සහය
  • සිහිවටන හා ප්‍රකාශන මිලදී ගැනීම සඳහා ප්‍රකාශන අලෙවිසැල

නරඹන්නන්ට සැපයෙන ක්‍රියාකාරකම්

  • අධ්‍යාපනික වැඩසටහන් (උසස් පෙළ සිසුන්ගේ අධ්‍යාපනික පැවරුම් සඳහා දැනුම ලබා දීම, විශ්වවිද්‍යාල සිසුන් සහ පර්යේෂකයින් සඳහා පුහුණුවීම් මෙන්ම නිබන්ධන සඳහා තොරතුරු ලබාදීම).
  • මාසික ශාස්ත්‍රීය දේශන හා වැඩමුළු පැවැත්වීම.
  • පුස්තකාල පහසුකම් ලබා දීම.
  • 2012 - අභයගිරියෙන් හමුවී ඇති බුද්ධ ප්‍රතිමා හා ධාතු කරඩු යන තේමාවෙන් තාවකාලික ප්‍රදර්ශනයත් පවත්වා ඇත.

ප්‍රවේශපත් ගාස්තු

විදේශීය (පුරාවිද්‍යා පරිශ්‍රය නැරඹීම සඳහා හා කෞතුකාගාරය නැරඹීම සඳහා)

විදේශීය වැඩිහිටි විදේශීය ළමා
රු. 3850.00 රු. 1925.00

පූජ්‍ය පක්ෂය හා ආරක්ෂක අංශ නිලධාරීන් සඳහා ගාස්තු අය නොකෙරේ.

galleries

ඡායාරූප ගැලරිය