දඹුල්ල නගරයේ ඓතිහාසික රංගිරි දඹුලූ රජමහාවිහාර පරිශ්‍රයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිතුසිතුවම්වල කෞතුකාගාරය පිහිටා ඇත.

ඉපැරණි ලෙන් සිතුවම් හා සීගිරි සිතුවම් මෙන්ම අනුරාධපුර යුගයේ සිට නුතන යුගය දක්වා පුළුල් කාලපරිච්ඡේදයකට අයත් විහාරස්ථානවල බිතුසිතුවම් පමණක් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ මුල්වරට ඉදි කෙරුණු එකම කෞතුකාගාරය ද මෙය වේ.

කෞතුකාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරනු ලැබුවේ 2003 නොවැම්බර් 16 වැනි දාය.

කෞතුකාගාරය මැදිරි සංවිධාන ව්‍යුහය

කෞතුකාගාරය සකස්කර ඇත්තේ ප්‍රාථමික යුගයේ සිට ප්‍රාග් නූතන යුගය දක්වා වූ ඒ ඒ කාල පරිච්ඡේදයට අයත් ශ්‍රී ලංකාවේ බිතුසිතුවම් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැඛෙන පරිදිය.

ප්‍රාථමික යුගය : තන්තිරිමලය සහ කඳුරුපොකුණ ලෙන් සිතුවම් (ක්‍රි. පූ. 2-3)
සම්භාව්‍ය යුගය : සීගිරි ලෙන් සිතුවම් (ක්‍රි.ව. 5 සියවස)
පශ්චාත් සම්භාව්‍ය යුගය : ගෝණාගොල්ල , හිදගල ලෙන් විහාරයේ සිතුවම් මිහින්තලේ පිහිටි ගරිහඩු සෑයෙහි සහ මහියංගන ස්තූපවල ධාතු ගර්භ සිතුවම් සහ දිඹුලාගල පුල්ලිගොඩ ලෙන් සිතුවම් (ක්‍රි. ව. 5-11 සියවස්)
මූල මධ්‍යතන යුගය : පොළොන්නරු තිවංක පිළිම ගෙය, ලංකාතිලක පිළිම ගෙය සහ ගල්විහාරය සිතුවම් (ක්‍රි.ව. 12 සියවස
පරිවර්තන අඳුරු යුගය : දඹදෙණියේ විජේසුන්දරාරාමය, ගම්පොළ ලංකාතිලක විහාරය සහ දළදා මාලිගයේ පැරණි සිතුවම් ක්‍රි. ව. 13 -18 සියවස්
පශ්චාත් මධ්‍යතන යුගය : දඹුලූ මහාරාජ විහාරය , මහනුවර මැදවල විහාරය, තෙල්දෙණිය බඹරගල විහාරය ,මහනුවර ගංගාරාම විහාරය, දෙගල්දොරුව රජමහා විහාරය, දනගිරිගල විහාරය, රිදීවහාරය (ක්‍රි. 18-19 සියවස්)
පහතරට චිත්‍ර කලාව : වළල්ගොඩ විහාරය, කරගම්පිටිය විහාරය, සමුද්‍රගිරි විහාරය, කුමාරකන්ද විහාරය, මුල්කිරිගල විහාරය
ප්‍රාග් නුතන චිත්‍ර කලාව : බොරැල්ල ගෝතමී විහාරය සිතුවම 1930-1940 කැලණිය රජමහා විහාරය සහ බෝතලේ විහාර සිතුවම් 20 වන සියවස

කෞතුකාගාරය ප්‍රදර්ශන මැදිරි  හතකින් සමන්විත වන අතර චිත්‍ර පිටපත්වලට අමතරව එම චිත්‍ර අයත් ලෙන් හා විහාරස්ථානවල ඡායාරූප, සැලසුම්, සිතියම්, මෙන්ම විස්තර මගින් ද කෙටි හැදින්වීමක් ලබා දේ.

සේවාවන්

  • දේශීය විදේශිීය නරඹන්නන් දැනුවත් කිරීම.
  • සිහිවටන හා ප්‍රකාශන මිලදී ගැනීම සඳහා ප්‍රකාශන අලෙවිසැල
  • වැසිකිලි/කැසිකිලි පහසුකම්

සංචාරක පහසුකම්

  • අධ්‍යාපන වැඩසටහන් (උසස් පෙළ සිසුන්ගේ අධ්‍යාපනික පැවරුම් සඳහා දැනුම ලබා දීම, විශ්වවිද්‍යාල සිසුන් සහ පර්යේෂකයින් සඳහා පුහුණුවීම් මෙන්ම නිබන්ධන සඳහා තොරතුරු ලබාදීම).
  • මාසික ශාස්ත්‍රීය දේශන හා වැඩමුළු පැවැත්වීම.

විවෘතව තබන වේලාව

දිනපතා පෙ:ව:7.30 - ප:ව: 4.30 දක්වා ( අවසන් ඇතුලත් කිරීම ප:ව: 4.00)

ප්‍රවේශපත්

  වැඩිහිටි ළමා
විදේශීය $2 $1

ඡායාරූප ගැලරිය