Photograpgh of Hon Prime Minister

මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා අග්‍රාමාතය

බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්්‍ය

ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතිය ලෝකයා හමුවේ ‌හෙළි කිරීමටත් එම වටිනා පුරාවිද්‍යාත්මක ස්මාරකයන් හා සංස්කෘතික උරුමයන් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරගැනීමේ වැඩසටහනේ ප්‍රමුඛ කාර්යභාරයක් මධ්‍යම සංස්කෘතික අරමුුුුද‌ලෙන් සිදුකරන බව අප සැවොම දන්නා කරුණකි.

අපගේ අතීත මුතුන් මිත්තන් විසින් ගොඩ නගන ලද වෙහෙර විහාර, වැව් අමුණු ‌මෙන් ම, ලාංකීය ජනතාවගේ අස්පර්ශිත සංස්කෘතික උරුමයන් පිළිබඳව ද ලෝක ප්‍රජාව තුළ ඇත්තේ ඉතා ප්‍රශස්ත හැඟීමකි. එම තත්ත්වය තවදුරටත් ගුණාත්මක හා තිරසර ලෙස වර්ධනය කිරීම අප සැමගේ වගකීමකිි.

 ආරම්භයේ දී  ප්‍රධාන වයාපෘති 5කින් ආරම්භ වූ මධ්‍යම සංස්කෘතික අරමුදල වර්තමානය  වන විට ලංකාවේ සියලුම පළාත් ආවරණය වන පරිදි පුරාවිද්‍යාත්මක සංවර්ධන  කාර්යයන්හි නිරත වීමත් ඒ පිළිබඳව අධ්‍යයනය හා පර්යේෂණ කිරීමත් වෙසසිිිින්ම අගය කල යුතු කරුණකි. තම අරමුණු හා ඉලක්ක නිවැරදිව හඳුනාගනිමින් ගුණාත්මක සේවාවන් ඉදිරියටත් පවත්වාවගන යාමට මධ්‍යම සංස්කෘතික අරමුදලට හැකියාව  ලැබේවා යි ප්‍රාර්ථනා කරමි.