WhatsApp Image 2021 01 02 at 123120

2021 වර්ෂයේ අළුත් බලාපොරොත්තු සහිත නව ආකල්ප වර්ධනය කිරීමේ අභිප්‍රේරණ විශේෂ දේශනයක් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන ව්‍යාපෘති වන සීගිරිය ,පොලොන්නරුව ,දඹුල්ල ,ඉබ්බන්කටුව නිලධාරීන් වෙනුවෙන් සීගිරිය කෞතුකාගාර ශ්‍රවනාගාරයේදී අද (30)දින පැවැත්විණි.


බුද්ධශාසන ආගමික සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් දේශබන්දු මහාචාර්ය කපිල ගුණවර්ධන සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ජේෂ්ඨ මහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණී අධිකාරි යන මහත්වරුන්ගේ ආරාධනාවෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මැතිතුමා විසින් එම දේශනය පවත්වන ලදී.


මධ්‍යම සංස්කෘතික අරමුදලේ සංචාරක ප්‍රවර්ධන සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ උපුල් බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවීමෙන් පැවති මෙම දේශනයට,මානව සම්පත් සංවර්ධන සහ පාලන සහකාර අධ්‍යක්ෂ නීතිඥ ශෂික ජයතිලක මහතා සහ සහකාර අධ්‍යක්ෂවරුන්,ව්‍යාපෘති කළමනාකරුවන් ඇතුළු නිලධාරීන් සහභාගි විය.
සීගිරිය ව්‍යාපෘති කළමනාකරු තුසිත සම්පත් මහතා සංවිධාන කටයුතු සිදු කරන ලදී.

WhatsApp Image 2021 01 02 at 123114

 

 

WhatsApp Image 2021 01 02 at 123116

WhatsApp Image 2021 01 02 at 123117

WhatsApp Image 2021 01 02 at 123118

WhatsApp Image 2021 01 02 at 123120

WhatsApp Image 2021 01 02 at 123123