සීතාවක කෞතුකාගාරය ජනතා අයිතියට
මෙරට රාජාවලියේ වැදගත් රාජධානියක් වන සීතාවක රාජධානිය පිළිබඳව තොරතුරු ගවේෂණය පහසු වීම සඳහානව කෞතුකාගාරයක් ස්ථාපිත කරන ලදී.
අවිස්සාවේල්ල හරහා ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයින් සියලුදෙනාටම නැරඹීමට පහසු වන පරිදි, අවිස්සාවේල්ල නගරයට යාබදව පිහිටි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු පැරණි ගොඩනැගිල්ලක් නවීකරණය කිරීමෙන් මෙම කෞතුකාගාරය නිර්මාණය කර ඇත.
ඓතිහාසික සීතාවක උරුමයන් මතු පරපුරට දායාද කරනු වස් අතිගරු ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ස්ථාපනය කරන ලද මෙම සීතාවක කෞතුකාගාරය 2024 ජූලි මස 21 වන දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සුරතින් ජනතා අයිතියට පත් කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ගරු අග්‍රාමාත්‍ය තුමා, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා, අමාත්‍යංශ ලේකම්වරුන් හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා, අතිරේක අධ්යක්ෂ ජනරාල් ආචාර්ය චන්දිම බෝගහවත්ත මහතා ඇතුළු අධ්යක්ෂවරුන් හා නිලධාරීන් රැසක් සහභාගී වූහ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විද්වත් කමිටුවක් මගින් සීතාවක රාජධානියට අයත් ප්‍රදේශවල සිදුකරන ලද පුළුල් අධ්‍යයනයකින් අනතුරුව කෞතුකාගාරයේ මූලික අදියර අවසන් කොට මෙලෙස මහජන ප්‍රදර්ශනය සදහා විවෘත කෙරිණි.