රතුගල ආදීවාසී ජන උරුම මධ්‍යස්ථානය විවෘත කිරීම
2022 සැප්තැම්බර් 27 දිනට යෙදුනු ලෝක සංචාරක දිනයට සමගාමීව, ආදිවාසී ජන උරුමය සංරක්ෂණය කරමින්, එය තිරසාර සංචාරක ව්‍යාපාරයට එකතු කර, ආදිවාසී ජනතාවගේ ජීවන තත්වය උසස් කර, ඔවුන්ගේ ආර්ථිකය නංවාලීමේ අරමුණින් සහ දේශීය හා විදේශීය සංචාරකයින් උදෙසා නව්‍ය අත්දැකීමක් ලබා දීමේ මුඛ්‍ය පරමාර්ථය පෙරදැරි කරගෙන, මධ්‍යම සංස්කෘතික අරමුදල මැදිහත්වීමෙන්, අද දින (ඔක්තෝබර් 04) රතුගල ආදීවාසී ජන උරුම මධ්‍යස්ථානය සංචාරකයින් උදෙසා විවෘත කරන ලදී.
ආදීවාසී වැදි ජනතාවගේ අත්කම් නිර්මාණ, ආහාර පාන හා ඖෂධ වර්ග පහසු මිලට මෙහිදී මිලදී ගත හැකි අතර, ඔවුන්ට ආවේණික වූ සංස්කෘතිකාංග නැරඹීමටද සංචාරකයින්ට අවස්ථාව උදාවෙනු ඇත. මෙම ව්‍යාපෘතිය ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කල අතර එම ආයතන සියල්ලම එක්ව ලෝක සංචාරක දිනය ද එහිදී සමරන ලදී. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මොණරාගල ව්‍යාපෘතිය මෙම උත්සවය සම්බන්ධීකරණය කරන ලදී.