ජාතික කෞතුකාගාරය
per person
රී ලංකාවේ වඩාත්ම ප්‍රසිද්ධ කෞතුකාගාරය වන්නේ, කොළඹ ජාතික කෞතුකාගාරය යි. එය දිවයිනේ ඓතිහාසික වශයෙන් වැදගත් සංස්කෘතික උරුමයන් පිළිබඳ තොරතුරු සපයන අතරම පුරාවස්තු විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරනු ලබයි. ජාතික කෞතුකාගාරය 1877 දී ඉදි කරන ලද අතර ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරය යන නමින් ද හඳුන්වනු ලබයි. මෙහි සැලසුම, ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාෂය ලබා ඇත. එහි දෙමහල් මන්දිරයේ සිතුවම්, පිළිම සහ රාජකීය ධාතු, සිංහාසනයක් සහ ඔටුන්නක් ඇතුළුව පුරාවස්තු දහසකට වඩා ප්‍රදර්ශනය කෙරේ.
දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශන භාණ්ඩ 10,000 ක් පවතින අතර ඒවා ඓතිහාසික සහ ආගමික ධාතුවල සිට රාජකීය වස්තු , ප්‍රාදේශීය පුරාවස්තු දක්වා විහිදී ඇත. තණ පිඩලි සහ වටපිටාවෙන් අලංකාර ලෙස සකස් කර ඇති ඉතාලි ආභාෂය සහිත අතිවිශිෂ්ට කෞතුකාගාරය වෙත ළඟා වන විටම 4 වන හෝ 5 වන සියවසට අයත් ගලින් නෙළන ලද බෞද්ධ පිළිමයක් ඔබව පිළිගනු ඇත. පළමු මහල පුරාවස්තු සහ වෙනත් අද්විතීය උරුමයන් සදහා වෙන් කර ඇත. බිම් මහලෙහි විවිධ ඓතිහාසික අයිතමයන් ප්‍රදර්ශනය කරයි. එහි ඓතිහාසික වටිනාකමකින් යුත් රාජකීය සිංහාසනයක් සහ ඔටුන්නක් ආදී වස්තූන් දැකගත හැකිය.
රාජකීය ආසියාතික සංගමය, 1872 දී එවකට ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි හමු වී පොදු කෞතුකාගාරයක අවශ්‍යතාවය ඔහුට ඒත්තු ගැන්වීමෙන් පසු, ඔහුගේ නිහතමානී අනුමැතියේ ප්‍රතිඵලයක් ලෙස 1877 ජනවාරි මස 1 වන දින කොළඹ ජාතික කෞතුකාගාරය පිහිටුවන ලදී. කොළඹ ජාතික කෞතුකාගාරය කොළඹ අගනගරයේ පිහිටි ප්‍රධානතම ස්ථානයක් වන නිදහස් චතුරස්රයේ සිට කිලෝමීටර් 3 කට වඩා අඩු දුරකින් පිහිටා ඇති අතර බස් රථයකින් හෝ කුලී රථයකින් මෙම ස්ථානයට පහසුවෙන්ම ළඟා විය හැකිය.
ඔබේ දැනුම පොතට
පළාත | බස්නාහිර |
|
|
දිස්ත්‍රික්කය | කොළඹ |
|
|
පොලිස් ස්ථානය | කුරුදුවත්ත |
|
|
රෝහල | නවලෝක |
|
|
දුරකථන අංකය | +94 112 695 366 |