රාජකීය උද්භිද උද්‍යානය
per person
මෙහි ඉතිහාසය 1371 දක්වා දිවයයි. මෙම අතිවිශිෂ්ට උද්භිද උද්‍යානය පිහිටා ඇත්තේ මහනුවර උප නගරයක් වන පේරාදෙණිය නගරයේ ය. මෙම විශ්මයජනක උද්‍යානය මහවැලි ගඟෙහි තුන් ප්‍රදේශයකින් වට වී පිහිටා ඇත. III වන වික්‍රමබාහු රජුගේ රාජ සභාව පිහිටා තිබෙන්නේ ද වර්තමානයේ මෙම උද්‍යානය පිහිටා තිබූ ප්‍රදේශයේ මහවැලි ගඟ අසලය. එසේම මෙම භූමියේ විමලධර්මසූරිය රජු විසින් විහාරයක් ඉදිකළ බවත් පසුව 1815 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වීමෙන් පසු එම විහාරය කඩා බිඳ දමා විනාශ කළ බවත් සඳහන් වේ. පසුව 1821 දී මෙහි උද්භිද උද්‍යානයක් සැකසීමට අවශ්‍ය බිම් සැකැස්ම ඇලෙක්සැන්ඩර් මූං විසින් සිදු කරන ලදී. මෙහි ඉපැරණි තාල වර්ගයට අයත් ශාක දැකිය හැකි අතර ලංකාවේ පළමු වන තේ පැළය සිටුවා ඇත්තේ ද මෙම උද්භිද උද්‍යානයේ ය.
මෙහි ශාක වර්ග 4000 කට වඩා ඇති අතර සිත් ඇදගන්නා සුළු උඩවැඩියා ශාක එකතුව හා තල් ශාක සහිත විශාල මාවත එහි සුවිශේෂිත්වයක් ගනු ලබයි. උද්‍යානය වටා සැරිසරන විට මල් පැල විශාල ප්‍රමාණයක් සමඟින් විවිධ ඖෂධ පැළෑටි සහ කුළුබඩු වර්ග ද දැක ගත හැකිය. හෙක්ටයාර 60 කට වඩා වැඩි භූමි ප්‍රමාණයක ඒකදේශික සහ ආසියාතික මෙන්ම විදේශීය ශාක විශේෂ වල එකතුවක් පිහිටා ඇති අතර එහි ඉතා අලංකාරවත් ලෙස ඉදි කරන ලද මණ්ඩප, තණකොළ, නිවෙස් වල සිටුවන විවිධ සුගන්ධවත් පැළ ආදියෙන් සමන්විත වේ. මෙය නෙත් සිත් ඇඳගන්නා දසුනක් වනු නොඅනුමානය. එමෙන්ම හරිත වර්ණයෙන් දිස් වන තණකොළ සහිත ප්‍රදේශ සහ විශාල ශාක වලින් වැසී ඇති අලංකාරවත් වීදි මෙහි දක්නට ලැබේ.
මෙම උද්‍යානය නැරඹීමට පෙර සිදු කරන ඉල්ලීම මත සංචාරකයින් සදහා වෘත්තීමය උද්භිද සංචාරක මාර්ගෝපදේශ පැය 2 – 3 දක්වා කාලයක් තුළ ලබා දිය හැකි අතර උද්‍යානයේ සියළුම ශාක සහ සත්ත්වයින් පිළිබදව මෙන්ම ඔවුන්ගේ පෞද්ගලික අත්දැකීම් සංචාරකයින් හට බෙදා ගැනීමට ද හැකි වේ.