යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරය
යුනෙස්කෝ අධ්යක්ෂ ජනරාල්, Audrey Azoulay මහත්මිය යුනෙස්කෝ ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ 75 වන සංවත්සර සැමරුම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.
එම මහත්මිය අද (18) දින ලෝක උරුම සීගිරිය පරිශ්‍රයේ සංචාරය කරන ලදී. ඊට සමගාමීව පුරාවිද්‍යා දෙසතිය වැඩසටහනට අදාළව සිංහපාද මලුවේ සංරක්ෂණය සඳහා කැණීම් කටයුතු ද අද දින ආරම්භ විය.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමා, අමාත්‍යාංශ ලේකම් එච්. එම්. බී. පී. හේරත් මහතා, අතිරේක ලේකම්වරුන් හා අතිරේක ලේකම්වරියන්, යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂතුමිය, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අතිරේක අධ්යක්ෂ ජනරාල් ආචාර්ය චන්දිම බෝගහවත්ත මහතා, සංවර්ධන අධ්යක්ෂ සුමේධා මාතොට මහත්මිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් සහකාර අධ්යක්ෂතුමා, සීගිරිය ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්යක්ෂතුමා, ඇතුලු සීගිරිය ව්‍යාපෘතියේ කාර්ය මණ්ඩලය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යමණ්ඩලය මෙම අවස්ථාවට සහභාගි විය.