මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් දඹුල්ලේදී රැස් වෙයි
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, සියලුම අධ්යක්ෂවරුන්, සහකාර අධ්යක්ෂවරුන් හා ව්‍යාපෘති කළමනාකරුවන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 09 වන සිකුරාදා දඹුල්ල අචාර්ය රෝලන්ඩ් සිල්වා අනුස්මරණ බිතුසිතුවම් සංරක්ෂණ ශාලාවේදී දැනට ව්‍යාපෘතිවල පවතින ගැටළු පිලිබඳ සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී සියලුම නිලධාරීහු මධ්‍යම සංස්කෘතික අරමුදල නැවත නගා සිටුවීමේ සුබවාදී යෝජනා සහ අදහස් ඉදිරිපත් කළහ. මෙහිදී බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ප්‍රධාන විගණන නිලධාරි විමල් R. ගමගේ මහතා විසින් ව්‍යාපෘති කළමනාකරුවන්ට මුල්‍ය කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීමේ දේශනයක් පවත්වන ලදී.
රැස්වීමෙන් අනතුරුව, අධ්යක්ෂ ජනරාල්, ජාත්‍යන්තර සබඳතා හා සංචාරක අධ්යක්ෂ සහ දඹුල්ල ව්‍යාපෘති නිලධාරීන් විසින් දඹුල්ල ව්‍යාපෘතියේ ක්ෂේත්‍ර නිරීක්ෂණයක නිරත විය.