ජේතවනාරාමය කෞතුකාගාරය
අනුරාධපුරය ජේතවන පුරාණ අරාම සංකීර්ණය තුළ මෙම කෞතුකාගාරය පිහිටා ඇති අතර මෙය 1996 දී ආරම්භ කළ ලදී. 1937 දී බ්‍රිතාන්‍ය පාලන සමයේ නගර සභා ශාලාවක් වශයෙන් පැවති මෙම ගොඩනැගිල්ල පසුව කෞතුකාගාරය සදහා භාවිත කර ඇත. ක්‍රි.ව. 3 වන සියවසේ සිට 10 වන සියවස දක්වා ක්‍රියාත්මක වූ බෞද්ධ ආරාම සංකීර්ණයක නෂ්ටාවශේෂ වූ පුරාවස්තු මෙම කෞතුකාගාරය තුළ ප්‍රදර්ශනය කර ඇත.
මෙම සංකීර්ණය තුළ පහත අංග ඇතුළත් වේ.
මැදිරි සැකැස්ම සිදුවන්නේ ප්‍රධාන වශයෙන් ඇතුළත හා පිටත මැදිරිය වශයෙනි.
1 වන මැදිරිය
ජේතවන ආරාම සංකීර්ණයෙන් හමු වූ පාෂණයෙන් නිර්මිත පුරාවස්තු සහිත මැදිරිය
2 වන මැදිරිය
ආභරණ හා විවිධ ස්මාරකවල තැන්පත් කළ නිදන් වස්තු සහිත මැදිරිය
3 වන මැදිරිය
ජේතවන සංකීර්ණයෙන් හමු වූ දේශීය හා විදේශීය මැටි බදුන් සහිත මැදිරිය
දිනපතා පෙ.ව. 8.30 – ප.ව. 5.30 දක්වා (අවසන් ඇතුලත් කිරීම ප.ව. 5.00)
ඇමරිකන් ඩොලර් ($)
වැඩිහිටියන් සඳහා : 25.00
ළමුන් සඳහා : 12.50