සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය
ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ සමුද්‍ර පුරාවිද්‍යා උරුමය පොදු මහ ජනතාව වෙත සමීප කරවීමේ අරමුණින් 2010 මාර්තු මස 04 දින විවෘත වූ අතර මෙම කෞතුකාගාරය ස්ථාපිත වී ඇත්තේ පෞරාණික ගාලූ කොටුවේ 1672 වර්ෂයේ දී නිම කරන ලද ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ භාණ්ඩ ගබඩා ගොඩනැගිල්ල තුළයි. ක්‍රි.ව 1505 දී ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ කලාපය යටත් විජිතවාදීන්ගේ ග්‍රහණයට නතුවීමෙන් පසුව ඉදිකරන ලද විශිෂ්ට ගණයේ බල කොටුවක් ලෙස පෞරාණික ගාලූ කොටුව හැදින්විය හැකිය. මෙහි ආගමික ස්ථාන, රෝහල් සංකීර්ණ, පාසල්, පාලකවරුන්ගේ නිල නිවාස, යුධ අවි ගබඩා, සිර කඳවුරු, අධිකරණ සංකීර්ණ ආදී බොහෝ ගොඩනැගිලි ලන්දේසී ගෘහ නිර්මාණ ලකෂණ සහිතව ඉදි කරන ලද අතර, ක්‍රි.ව 1796 දී ලන්දේ්සී ග්‍රහණයේ තිබූ ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය, ඉංග්‍රීසි පාලන කලාපයක් බවට පත් විය. යටත් විජිත පාලන අවධි තුනක අතීත නටබුන් දැකගත හැකි ගාලූ කොටුවෙහි වාස්තු විද්‍යාත්මක ලකෂණ කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ හැකිය.
කෞතුකාගාර ගොඩනැගිල්ල තුළ තොරතුරු මධ්‍යස්ථානයක්, ප්‍රදර්ශන මැදිරි හතරක්, ශ්‍රවණාගාරයක්, සංරකෂණාගාරයක්, පොත් සහ අනුරූ අළෙවිසැළක් ස්ථාපිතය.
පළමු ප්‍රදර්ශන මැදිරිය
දෙවන ප්‍රදර්ශන මැදිරිය
තෙවන ප්‍රදර්ශන මැදිරිය
සිව්වන ප්‍රදර්ශන මැදිරිය
විවෘතව තබන වේලාව පෙ.ව 8.30 – ප.ව 4.30 (රජයේ විශේෂ නිවාඩු දිනයන්හි වසා ඇත)
ඇමරිකන් ඩොලර් ($)
වැඩිහිටියන් සඳහා : 5.00
ළමුන් සඳහා : 2.50