බිතු සිතුවම් කෞතුකාගාරය
දඹුල්ල නගරයේ ඓතිහාසික රංගිරි දඹුලූ රජමහාවිහාර පරිශ්‍රයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිතුසිතුවම්වල කෞතුකාගාරය පිහිටා ඇත.
ඉපැරණි ලෙන් සිතුවම් හා සීගිරි සිතුවම් මෙන්ම අනුරාධපුර යුගයේ සිට නුතන යුගය දක්වා පුළුල් කාල පරිච්ඡේදයකට අයත් විහාරස්ථානවල බිතුසිතුවම් පමණක් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ මුල්වරට ඉදි කෙරුණු එකම කෞතුකාගාරය ද මෙය වේ.
කෞතුකාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරනු ලැබුවේ 2003 නොවැම්බර් 16 වැනි දාය.
කෞතුකාගාරය සකස්කර ඇත්තේ ප්‍රාථමික යුගයේ සිට ප්රාග් නූතන යුගය දක්වා වූ ඒ ඒ කාල පරිච්ඡේදයට අයත් ශ්‍රී ලංකාවේ බිතුසිතුවම් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැඛෙන පරිදිය.
ප්‍රාථමික යුගය
සම්භාව්‍ය යුගය
පශ්චාත් සම්භාව්‍ය යුගය
මූල මධ්‍යතන යුගය
පරිවර්තන අඳුරු යුගය
පශ්චාත් මධ්‍යතන යුගය
පහතරට චිත්‍ර කලාව
ප්රාග් නුතන චිත්‍ර කලාව
කෞතුකාගාරය ප්‍රදර්ශන මැදිරි හතකින් සමන්විත වන අතර චිත්‍ර පිටපත්වලට අමතරව එම චිත්‍ර අයත් ලෙන් හා විහාරස්ථානවල ඡායාරූප, සැලසුම්, සිතියම් මෙන්ම විස්තර මගින් ද කෙටි හැදින්වීමක් ලබා දේ.
දිනපතා පෙ.ව. 8.00 – ප.ව. 4.00 දක්වා
ඇමරිකන් ඩොලර් ($)
වැඩිහිටියන් සඳහා : 2.00
ළමුන් සඳහා : 1.00