කතරගම කෞතුකාගාරය
2008 අගෝස්තු මස 28 වැනි දින ආරම්භ කරන ලද කතරගම කෞතුකාගාරය, රුහුණු කතරගම මහා දේවාල පරිශ්‍රයේ පිහිටා ඇත. රුහුණේ අද්විතීය උරුමය මතු අනාගතයට ආරක්ෂා කර දෙමින් එම උරුමය පිළිබද කතරගම දේවාල පරිශ්‍රයට පැමිණෙන බැතිමතුන් හා සංචාරකයන් දැනුවත් කිරීම මෙම කෞතුකාගාරයේ ප්‍රධාන අරමුණ වේ.
ඓතිහාසික කතරගම මහ දේවාලයේ පෞරාණික පූජා භාණ්ඩ විශාල ප්‍රමාණයක්, රුහුණේ පුරාවිද්‍යාත්මක උරුමය කියාපාන පුරාවස්තු රැසක් මෙහි ප්‍රදර්ශනයට තබා ඇත. විශේෂයෙන් ඓතිහාසික කතරගම මහ දේවාලය හින්දු, බෞද්ධ, මුස්ලිම් බැතිමතුන් මෙන්ම වැදි ජනතාව වන්දනාමාන සිදු කරනු ලබයි. එමඟින් ආගමික හා ජාතික සහජීවනය නීරූපණය කරන අතර ඒ පිළිබද ඓතිහාසික හා ද්‍රව්‍යාත්මක සාදක මෙම කෞතුකාගාරය තුළ ප්‍රදර්ශනයට තබා ඇත.
අභ්‍යන්තර සහ පිටත වශයෙන් ගැලරියේ සැලැස්ම සකසා ඇත. ඒවායෙහි පහත කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය කෙරේ.
01 වන ගැලරිය
02 වන ගැලරිය
03 වන ගැලරිය
04 වන ගැලරිය
සඳුදා දින හැර සතියේ අනෙකුත් සියලූ දිනවල උදෑසන 08.00 සිට සවස 04.00 දක්වා විවෘතව තැබේ. (රජයේ නිවාඩු දිනයන්හිද විවෘතව ඇත.)
ඇමරිකන් ඩොලර් ($)
වැඩිහිටියන් සඳහා : 5.00
ළමුන් සඳහා : 2.50