අප ගැන
මධ්‍යම සංස්කෘතික අරමුදල
දශක හතරක සේවාවක් නිම කරමින් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සංරක්ෂණයෙහි හා ආරම්භයේ දී ප්‍රශංසනීය වූ මෙහෙවරක් ඉටු කර තිබේ. මෙම ආයතනය විසින් මෙරට මුල් අවධියේ හා මධ්‍යකාලීන අවධියේ පැවැති රාජධානි සම්බන්ධ ස්ථානයන්හි පුරාවිද්‍යා කැණීම් හා පර්යේෂණල සංරක්ෂණ කටයුතු සහ සම්බන්ධයෙන් ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කර ඇත. අභයගිරියේ හා ජේතවනයෙහි සුවිසල් ස්තූප ද එම විහාර හා අනුබද්ධ ආරාම ගොඩනැගිලි ද, පොළොන්නරුවේ මධ්‍ය කාලීන අවධියට අයත් ගඩොල් ගොඩනැගිලි හා නගර ප්‍රාකාර ද සීගිරියේ රජ මාලිගය හා උද්‍යාන ද දඹුල්ලේ සිතුවම් සහිත ගුහාවන් ද, මහනුවර දළදා මාලිගාව සහ ඒ හා සම්බන්ධ සතර දේවාල සංකීර්ණ ද, මේ ආයතනය විසින් යුනෙස්කෝ ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය යටතේ සංරක්ෂණය කර ඇති ප්‍රධාන ස්මාරක අතර වේ.
මෙය පිහිටුවන ලද්දේ පාර්ලිමේන්තුවෙන් සම්මත වුණු 1980 අංක 57 පනත පනත ප්‍රාකාරව ය
දේශීය මෙන් ම විදේශීය ප්‍රභවයන්ගෙන් ප්‍රතිපාදන ලබා ගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට බලය ලැබේග එසේ ලැඛෙන ප්‍රතිපාදන සංස්කෘතික උරුම ස්ථාන සංරක්ෂණය හා කළමනාකරණය සඳහා යොදවනු ඇත යුනෙස්කෝ ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ වැඩ සටහන 1980-1997 ක්‍රියාත්මක කර වීමේ ආයතනය වූයේ මධ්‍යම සංස්කෘතික අරමුදල ය එය ආසියානු කලාපයේ එබඳු සංරක්ෂණ වැඩ සටහන් සඳහා පූර්වාදර්ශය සපයන ආයතනයක් වුයේ ය. මෙය ශ්‍රී ලංකාවේ ඉටු කරන ලද විශාලතම ජාතික උරුම සංරක්ණ ව්‍යාපෘතිය වූ අතර යුනෙස්කෝව විසින් ආධාර සැපයුණු වැඩ සටහන් අතර ඉතා ම සාර්ථක වැඩ සටහනක් ද වුයේ ය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ බලය පැවරී ඇති පාලක මණ්ඩලයට සාමාජිකයන් 12 දෙනෙකු ඇතුළත් වන අතර එහි කැබිනට් ආමාත්‍යවරු දෙදෙනෙකු ද සිටින අතර සභාපතිත්වය දරන්නේ අග්‍රාමාත්‍යතුමා විසිනි.
මධ්‍යම සංස්කෘතික අරමුදල ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය කළමනාකරණය කරන ප්‍රධාන ආයතනයකි. මෙම ආයතනය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම හා සංරක්ෂණ කිරීම, පර්යේෂණ සිදු කිරීම, බිතු සිතුවම් සහ වෙනත් පුරාවස්තු සංරක්ෂණය කිරීම, පුරාවිද්‍යා ක්ෂේත්රයේ මානව සම්පත් සංවර්ධය කිරීමත් සිදු කරනු ලබයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංස්කෘතික සංචාරක ව්‍යාපාරය මෙහෙයවමින් ශ්‍රී ලංකාවේ ආර්ථීක සංවර්ධනය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල ක්‍රියාකරයි. මුලින්ම සංස්කෘතික ත්‍රිකෝණය පාදක කරගෙන ප්‍රධාන පුරාවිද්‍යා ස්ථාන 6 කින් ඇරඹුණු මෙම ආයතනය නව සහශ්රකයේ උරුම කළමනාකරණ කටයුතු පුළුල් කරමින් එහි කටයුතු දිවයිනේ අන්‍ය ප්‍රදේශ වෙත ද විහිදුවා තිබේ. ඒ අනුව 2018 වන විට දිවයින පුරා ප්‍රධාන පුරාවිද්‍යා ස්ථාන 24 ක මෙම උරුම කළමනාකරණ කටයුතු කරයි.
ජාතිය සඳහා විවිධාකාර ප්රතිලාභ සපයන උත්කෘෂ්ට සම්පතක් ලෙස ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය කළමනාකරණය කරන අග්රස්ථ ආයතනය වීම.
සංස්කෘතික උරුමයෙහි සමාජ අධ්‍යාත්මික, අධ්‍යාපනික හා ආර්ථීක ප්රතිලාභ ඍජු ලෙස සම්පූර්ණ ජාතියට ලැඛෙන අතර එහි උරුම සාරධර්ම පූර්ණ ආධ්යාත්වයෙන් ඊළග පරම්පරාවට භාරවන පරිදි සංස්කෘතික උරුමය පිළිබඳ පර්යේෂණ, සංරක්ෂණ, අර්ථකථනය, සංවර්ධනය ඉටු කරමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම.
අමාත්‍යාංශ ධුරාවලිය
පාලක මණ්ඩලය
සංවිධානයේ ධුරාවලිය අනාගත සාර්ථකත්වයට මග පාදයි.
අමාත්‍යතුමාගේ පණිවිඩය
ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතිය ලෝකයා හමුවේ හෙළි කිරීමටත් එම වටිනා පුරාවිද්‍යාත්මක ස්මාරකයන් හා සංස්කෘතික උරුමයන් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරගැනීමේ වැඩසටහනේ ප්රමුඛ කාර්යභාරයක් මධ්‍යම සංස්කෘතික අරමුුුුදලෙන් සිදුකරන බව අප සැවොම දන්නා කරුණකි.
අපගේ අතීත මුතුන් මිත්තන් විසින් ගොඩ නගන ලද වෙහෙර විහාර, වැව් අමුණු මෙන් ම, ලාංකීය ජනතාවගේ අස්පර්ශිත සංස්කෘතික උරුමයන් පිළිබඳව ද ලෝක ප්‍රජාව තුළ ඇත්තේ ඉතා ප්රශස්ත හැඟීමකි. එම තත්ත්වය තවදුරටත් ගුණාත්මක හා තිරසර ලෙස වර්ධනය කිරීම අප සැමගේ වගකීමකිි.
ආරම්භයේ දී ප්‍රධාන ව්‍යාපෘති 5කින් ආරම්භ වූ මධ්‍යම සංස්කෘතික අරමුදල වර්තමානය වන විට ලංකාවේ සියලුම පළාත් ආවරණය වන පරිදි පුරාවිද්‍යාත්මක සංවර්ධන කාර්යයන්හි නිරත වීමත් ඒ පිළිබඳව අධ්‍යයනය හා පර්යේෂණ කිරීමත් වෙසසිිිින්ම අගය කල යුතු කරුණකි. තම අරමුණු හා ඉලක්ක නිවැරදිව හඳුනාගනිමින් ගුණාත්මක සේවාවන් ඉදිරියටත් පවත්වාගෙන යාමට මධ්‍යම සංස්කෘතික අරමුදලට හැකියාව ලැබේවා යි ප්‍රාර්ථනා කරමි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
අධ්යක්ෂ ජනරාල්ගේ පණිවිඩය
මධ්‍යම සංස්කෘතික අරමුදල ජාතික සංස්කෘතික උරුමයන් විද්‍යාත්මක පර්යේෂණ, සංරක්ෂණය, අර්ථකථනය, සංවර්ධනය සහ ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් කළමනාකරණය කිරීමේ ප්‍රමුඛතම ආයතනයකි. සමාජයීය, අධ්‍යාත්මික, අධ්‍යාපනික සහ ආර්ථික වශයෙන් රටට ප්රතිලාභ සලසන අතරම ස්පර්ශීය සහ අස්පර්ශීය සංස්කෘතික උරුමයන් අනාගත පරපුරට උරුම වටිනාකම් අනුව විශිෂ්ඨ ලෙස භාරදීම සහතික කිරීමට අපි බැඳී සිටිමු.
යුනෙස්කෝ – ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ වැඩසටහන යටතේ ව්‍යාපෘති හයකින් යුක්තව 1980 වසරේදී මෙහෙයුම් ආරම්භ කළ මෙම ආයතනය මේ වන විට ව්‍යාපෘති විසිහතරක් ඔස්සේ මුළු රටම ආවරණය වන පරිදි සිය ක්‍රියාකාරකම් ව්‍යාප්ත කර ඇත. එසේම, කෞතුකාගාර කළමනාකරණය, ප්‍රකාශන, සමුද්‍රීය පුරාවිද්‍යා ක්‍රියාකාරකම්, අනුරූ නිෂ්පාදනය සහ රසායනාගාර පර්යේෂණ මඟින් පුළුල් පරාසයක ක්‍රියාකාරකම් තවදුරටත් විහිදී ඇත.
නවතම තාක්ෂණයන් භාවිතය තුළින් රට සතු විශිෂ්ට සංස්කෘතික උරුමයන්ගේ අගයන් තීව්ර ලෙස පුළුල් දෘෂ්ටිකෝණයකින් යුක්තව ජාත්‍යන්තර තලයට ගෙන යාමට අපේක්ෂා කරයි. තවද, ජාතියේ සංස්කෘතික උරුම අංශය තිරසාර සංවර්ධන න්යායපත්රවලට අනුගත කිරීම සඳහා ධාරිතා ගොඩනැගීම, වගකිවයුතු රැකියා, උසස් තත්ත්වයේ විද්වත් පර්යේෂණ, තොරතුරු ප්‍රවේශ්‍යතාව, ජාතික හා ජාත්‍යන්තර සහයෝගීතාවය සහ ප්‍රජා පාදක උරුමයන් සුරැකීමේ ප්රවේශයන් යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට ද අපි අදහස් කරමු.
එබැවින්, මෙම ආයතනික වෙබ් අඩවිය ඔබගේ තොරතුරු අවශ්‍යතා සපුරාලීම සඳහා ඔබට හොඳම දේ සපයනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.