මධ්‍යම සංස්කෘතික අරමුදලේ බුලර්ස් පටුමගෙහි පිහිටි කාර්යාලයේ රාජකාරි කටයුතු ආරම්භ කෙරේ
සෙත්සිරිපාය දෙවන අදියරේ හතරවන මහලේ පවත්වාගෙන යනු ලැබූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන කාර්යාලය නැවතත් කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, අංක 212/1 දරන පැරණි මුලස්ථානය වෙත ගෙන යන ලදී. පාලන අංශයත්, මාධ්‍ය අංශයත් ජාත්‍යන්තර සබඳතා හා සංචාරක අංශයත් එම ස්ථානයට යාබදව පිහිටි, බුලර්ස් පටුමගෙහි, අංක 37/33 දරන ස්ථානයේ ස්ථාපිත කරනු ලැබීය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් දඹුල්ලේදී රැස් වෙයි
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, සියලුම අධ්යක්ෂවරුන්, සහකාර අධ්යක්ෂවරුන් හා ව්‍යාපෘති කළමනාකරුවන්ගේ සහභාගීත්වයෙන් පසුගිය ඔක්තෝම්බර් 09 වන සිකුරාදා දඹුල්ල අචාර්ය රෝලන්ඩ් සිල්වා අනුස්මරණ බිතුසිතුවම් සංරක්ෂණ ශාලාවේදී දැනට ව්‍යාපෘතිවල පවතින ගැටළු පිලිබඳ සාකච්ඡාවක් පැවැත්විණි.
රට විවෘත කළ පසු එන සංචාරකයින් වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ව්‍යාපෘති රැසක්
සංචාරක ආකර්ෂණය ඇති ස්ථාන කිහිපයක් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වේ. වසංගතය පහව ගොස් රට සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට හැකි වන පරිදි එවැනි ස්ථාන සංරක්ෂණය කර සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.