අභයගිරි කෞතුකාගාරය
අනුරාධපුරය අභයගිරි පුරාණ අරාම සංකීර්ණය තුළ අභයගිරිය කෞතුකාගාරය පිහිටා ඇත. මෙය 1992 ජූනි මස 13 වන දින විවෘත කරන ලදී. පුරාණ පංචාවාස සංඝාරාම සැලැස්මෙන් යුතුව ගෘහ නිර්මාණකරණය සිදුකර ඇති මෙම කෞතුකාගාරය මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මහජන චීන සමූහාණ්ඩුවේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද්දකි. අභයගිරිය මහාවිහාරයෙහි ආරම්භක සංඝනායක කුපික්කල මහාතිස්ස බෞද්ධ භිකෂූන් වහන්සේ හා ක්‍රි.ව. 411- 412 කාලයේ අභයගිරි මහාවිහාරයෙහි වැඩ වෙසෙමින් බුදු දහම අධ්‍යයනය කළ චීන ජාතික ෆාහියන් භිකෂූන් වහන්සේ අනුස්මරණය කරනු සඳහා මෙම කෞතුකාගාරය “මහාතිස්ස ෆාහියන් සංස්කෘතික සංකීර්ණය” යන නමින් හඳුන්වනු ලබන අතර මෙය අභයගිරිය පුරාවිද්‍යා පරිශ්‍රය කේන්ද්‍ර කරගත් කෞතුකාගාරයකි.
ශ්‍රී ලංකාව අතීතයේ දී ජාත්‍යන්තර සබඳතා පවත්වමින් ලෝකයේ විරාජමාන දේශයක් ලෙස ප්‍රකට ව තිබූ බවත් කලාව හා තාක්ෂණය අතර මනා සුසංයෝගයකින් හෙබි පිරිපුන් දේශයක් බවත් අභයගිරියෙන් හමු වී ඇති කෞතුක වස්තු තුළින් ජනිත කිරීම මෙම කෞතුකාගාරයේ ප්‍රධාන අරමුණ වේ.
ක්‍රි.පූ 1 වන සියවසේ සිට 11 වන සියවස දක්වා ක්‍රියාත්මකව පැවති අභයගිරි විහාරයේ පැවති ලෝකඩ තාක්ෂණය, අක්ෂර කලාව, ආගමික සිරිත් විරිත්, මූර්ති කලාව හා කැටයම් කලාව, පුරාණ වාස්තු විද්‍යාවල සියුම් කලා තාක්ෂණය, චිත්‍ර කලාව, සනීපාරක්ෂාව, පරිසර සංරක්ෂණය, ජල කළමනාකරණ තාක්ෂණය, විහාර පරිපාලනය හා කාල කළමනාකරණය පිළිබඳ අනර්ඝ තොරතුරු පිළිබඳ කෞතුක වස්තු එකතුවක් මෙහි ප්‍රදර්ශනයට තබා ඇත.
මෙම සංකීර්ණය තුළ පහත අංග ඇතුළත් වේ.
මැදිරි සැකැස්ම සිදුවන්නේ ප්‍රධාන වශයෙන් ඇතුළත හා පිටත මැදිරිය වශයෙනි. මෙම මැදිරි දෙකෙහි පහත සඳහන් විශේෂිත පුරාවස්තු ප්‍රදර්ශනය කර ඇත :
දිනපතා පෙ.ව. 7.00 – ප.ව. 5.30 දක්වා ( අවසන් ඇතුලත් කිරීම ප.ව. 5.00)
විදේශීය (පුරාවිද්‍යා පරිශ්‍රය නැරඹීම සඳහා හා කෞතුකාගාරය නැරඹීම සඳහා)
ඇමරිකන් ඩොලර් $
විදේශීය වැඩිහිටි: 25.00
විදේශීය ළමා: 12.50