සීගිරිය කෞතුකාගාරය
මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් පාලනය වන සීගිරිය කෞතුකාගාරය ස්ථානීය කෞතුකාගාරයක් වශයෙන් ක්‍රියාත්මක වෙයි. මෙම කෞතුකාගාරය සීගිරියේ සංස්කෘතික, තාක්ෂණික හා පුරාවිද්‍යාත්මක අගය මනාව පිළිබිඹු කරයි. යුනෙස්කෝ ලෝක උරුමය ස්ථානයක් ලෙස ප්‍රසිද්ධ සීගිරියෙහි කරන ලද දශක තුනක ගවේෂණවල ප්‍රතිඵල මෙහි දක්නට හැකි වේ.
සීගිරිය කෞතුකාගාරයේ සැලැස්ම සීගිරියේ සෞන්දර්යාත්මක සැලැස්ම මගින්ම ජනිත කරන ලද සංකල්පයකි. අති දක්ෂ, උසස් ලෙස ජලය සහ වෘක්ෂලතා භාවිත කරමින් නිර්මිත හරිත මන්දිරයක විලාසය ගත් සීගිරිය මඟින් ජනිත කරන්නේ මනරංජණීය අත්දැකීමකි. සීගිරියෙහි බිම් මහල නිර්මාණය කර ඇත්තේ එහි පුළුල් පඩිපෙළ සීගිරිය පර්වතය තරණය කිරීම සිහිගන්වන ආකාරයටය.
සීගිරිය කෞතුකාගාරයට පිවිසෙන දොරටුව සීගිරිය බලකොටුවේ ආරුක්කු මාර්ගය සිහිගන්වන ගඩොල් උමඟක ස්වරූපයෙන් ඇත. කෞතුකාගාරය ඇතුළත සීගිරියේ කැණීම්වලින් ලැබුණු ද්‍රව්‍ය එනම්, මානව ඇටසැකිල්ලක්, විවිධ මෙවලම්, ආභරණ, ප්‍රතිමා සහ තවත් බොහෝ දේ දැකගත හැකි ය. ඒවා හඳුනාගැනීමට කිසිවෙකුගේ උපකාරය අවශ්‍ය නොවන්නේ ප්‍රදර්ශන කුටි සිතුවම්, ඡායාරූප හා විස්තර පත්‍රිකා යනාදියෙන් ආඪ්‍යව ඇති බැවිනි. මෙහි දක්නා ලැඛෙන වැදගත් භාණ්ඩ අතර යකඩ නිස්සාරණ උදුන සහ දම් පාට මැණිකක් එබ්බ වූ රන් කර්ණාභරණයක්ද වේ.
පහත මාලයේ ඇති ප්‍රථම ප්‍රදර්ශන ශාලාව ප්‍රදර්ශන අවකාශ කීපයකින් සමන්විත ය. එයට කාලක්රමානුකූල මෙන් ම තේමානුකූල කොටස් 12ක් අයත් ය :
ප්‍රදර්ශන කුටි 01
ප්‍රදර්ශන කුටි 02
ප්‍රදර්ශන කුටි 03
ප්‍රදර්ශන කුටි 04
ප්‍රදර්ශන කුටි 05
ප්‍රදර්ශන කුටි 06
සිතුවම් කුටිය
සෑම දිනක ම පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
සීගිරිය පර්වතය මුදුනේ සිට හිරු උදාව නැරඹීමට සංචාරකයින් සඳහා අලුයම 5.00 සිට සවස 7.30 දක්වා විවෘතව පවතී.
මෙම කෞතුකාගාරය විසින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය පෙන්නුම් කරන මාසික සන්දර්ශන කීපයක් සංවිධානය කර තිබේ. ඒ අතර සාම්ප්‍රදායික නැටුම් හා නාට්‍ය සංදර්ශන ඇතුළත් වේ. මෙම සන්දර්ශන පැවැත්වෙන්නේ සීගිරියේ ඇති එළිමහන් රඟමඩලේ ය. මේ සන්දර්ශනය බැහැරින් එන සංචාරකයන් අතර මෙන් ම සීගිරිය අවට ගම්වාසී ජනතාව අතර ද ජනප්‍රිය ය.
සීගිරිය පර්වත බළකොටුවට ඇතුළත්වීම සඳහා මිළට ගන්නා ප්රවේශපත්රයට කෞතුකාගාර ප්‍රවේශය ද ඇතුළත් ය.
ඇමරිකන් ඩොලර් ($)
වැඩිහිටියන් සඳහා : 30.00
ළමුන් සඳහා : 15.00
කෞතුකාගාරය පමණක් :
ඇමරිකන් ඩොලර් ($)
වැඩිහිටියන් සහ ළමුන් සඳහා: 5.00