පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන සොරුව්ව ආසන්නයේ කෞතුකාගාරය පිහිටා ඇත. මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ක්‍රියාත්මක වන ආළහන පරිවෙන ව්‍යාපෘතිය මගින් 1981 වර්ෂයේ සිට මේ දක්වා ක්‍රියාත්මක කරන ලද ගවේෂණ, පර්යේෂණ, කැණීම් මගින් අනාවරණය කරගත් පුරාවස්තූන් එම ස්ථානය තුළදීම දැකබලා ගැනීමට අධ්‍යනය කිරීමට සැලැස්වීමට සහ බහු සංස්කෘතික පසුබිමක් නියෝජනය කරන පොළොන්නරුව ලෝක උරුම භූමිය පිළිබඳ මනා අවබෝධයක් නරඹන්නාට ලබාගැනීමට හැකිවන පරිදි කෞතුකාගාරය නිර්මාණය කර ඇත. කෞතුකාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරනු ලැබුවේ 1998 සැප්තැම්බර් මස 31 වැනි දාය.
එමෙන්ම නෙදර්ලන්ත ජාතික රජයෙන් ද්‍රව්‍යමය ආධාර මෙන්ම ඇමැස්ටර්ඩැම් නුවර ලයිඩන් කෞතකාගාරයේ කෞතුකාගාර පාලක ආචාර්ය රූලෝප් මොනැකේ මහතාගේ දායකත්වය ද මේ සඳහා ලබා දෙන ලදී.
පොළොන්නරුව කෞතුකාගාරයේ මුලික සංකල්පය වන්නේ පොළොන්නරුව පුරාණ නගර සැලැස්ම හා ස්මාරක පහසුවෙන් අවබෝධකර ගැනීමට නරඹන්නා සූදානම් කිරීමය. නගර මධ්‍යයේ සිට ප්රත්යන්තය දක්වා ගමන් කරන ආකාරයට මෙහි ප්‍රදර්ශන මැදිරි සැලසුම් කර ඇත.
ඡායාරූප ගැලරිය
https://ccf.gov.lk/index.php?option=com_content&view=article&id=17&Itemid=142&lang=si#sigFreeId3f34d5e8c9