පසුබිම

මීට පෙර තිබුණු අගනගරය වූ අනුරාධපුරයෙහි කරන ලද පුරාවිද්‍යා පර්යේෂණයන්ගෙන් පැහැදිලි වූයේ ඊට පෙර වටහා ගෙන තිබුණු තත්ත්වයෙන් වෙනස් වූ ජනාවාස සැලැස්මක් එහි ක්‍රියාත්මක වූ බව ය. විශේෂයෙන් එහි නගර කේන්ද්‍රයන් නොතිබීම පිළිබඳ ව සලකා බලන විට පර්යේෂණ ව්‍යාපෘති කණ්ඩායමට යෝජනා කළ හැකි කරුණ වූයේ විහාරාරාමයන් විසින් අනුරාධපුරයෙහි ප්‍රත්‍යන්ත ප්‍රදේශයෙහි ආගමික හා ගේහසික පරිපාලනය යන ද්විත්ත්ව රූපී පාලනයක් ගෙන යන්නට ඇති බව ය. මෙය දකුණු ආසියාවේ සුවිශේෂී සිද්ධියකි. අනුරාධපුරය 11 වැනි සියවසේ දී අතහැර දමන ලද අතර ඉන් කි.මී. 104 ක් දුරින් පිහිටි පොළොන්නරුවේ නව අගනුවර පිහිටුවන ලදි.

සහායක ආයතන

මෙම ව්‍යාපෘතියේ දී සහයෝගයෙන් කටයුතු කරන ආයතන වන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල, ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, ඩර්හැම් විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, බැරෝඩාහි මහාරාජා සයජිරාඕ විශ්වවිද්‍යාලය, ලූම්බිණි සංවර්ධන අරමුදල සහ නේපාල රජයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි.

අරමුණ

පෙර අවධියෙහි තිබුණු අගනගරය වූ අනුරාධපුරයේ කරන ලද පර්යේෂණයන්ගෙන් පැහැදිලි වූයේ නගර පිහිටා නොතිබුණු භූමි ප්‍රදේශයක විහාරාරාමයන් විසින් ද්විත්ත්ව කාර්යයක් ඉෂ්ට කරමින් ආගමික කේන්ද්‍රස්ථාන මෙන් ම ඵෙතිහාසික පරිපාලන ස්ථාන වීමේ ද්විත්ත්ව කාර්යයන් ඉටු කරන ලද බව ය. එසේ වුව ද භූ ප්‍රදේශය මත රාජකීය පරිපාලනය විහිදී නොතිබීම නිසා අවසානයේ අනුරාධපුර නගරය බිඳ වැටීමට බලපෑවේ ය. ඊළඟට පැමිණි අගනගරය වූ පොළොන්නරුව එකී ප්‍රශ්නයෙන් අත්මිදීම පිණිස ප්‍රත්‍යන්ත ප්‍රදේශ රාජකීය පාලනය යටතේ පවත්වා ගත්තා ද? නොඑසේ නම් මධ්‍යතන අවධියේ ශ්‍රී ලංකාව රාජකීය ආධිපත්‍යය හා ආගමික ස්වාධීනතාව අතර වූ ඝට්ටනයෙන් පීඩාවට පත් ව තිබිණි ද ?

මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත වන්නේ පොළොන්නරුවට යාබද ව ඇති නාගරික නොවූ ස්ථානවල පුරාවිද්‍යා ගවේෂණ හා කැණීම් සිදුකොට නගරය හා අවට භූමි ප්‍රදේශය අතර තිබුණු සහසම්බන්ධතාවය හඳුනා ගැනීම ය.

ප්‍රත්‍යන්ත ප්‍රදේශයේ ගවේෂණය

කටයුතු අරඹා පළමු වාර සීමාවේ දී කාලිංග ඇළ ඉවුරු දෙකේ ම කි.මී. 20 ප්‍රමාණයේ අනුච්ඡේද අටක් සහ කි.මී. 10ක ප්‍රමාණයක් ගවේෂණය සම්පූර්ණ කරන ලදි. මෙම ගවේෂණයේ දී අප විසින් පුරාවිද්‍යා ස්ථාන 90ක් ද ජල සම්පාදන විධික්‍රම 30ක් ද මානව විද්‍යාත්මක ස්ථාන 50ක් ද හඳුනා ගන්නා ලදි. ඉහත සඳහන් පුරාවිද්‍යා ස්ථාන 90 අනු කොටස්වලට ඛෙදමින් පිඟන් මැටි විසිරුම් 23ක් ද යබොර සහිත පිඟන් මැටි විසිරුම් 28ක් ද විහාරාරාම ස්ථාන 25ක් ද සුවිශේෂී හඳුනා ගැනීමකට ලක් කළ නොහැකි ස්ථාන 9ක් ද සහ පහත සඳහන් ඒවා එක බැගින් ද එනම් යටත්විජිත අවධියේ පාලමක්, ශිලාමය විසුරුමක්, පිඟන් මැටිවලට සම්බන්ධ ලෝහ කර්මාන්ත අවශිෂ්ට විසුරුමක්, මෙගලිතික සුසාන භූමියක්, පුරාණ විජිතපුර නගරය ලෙස හඳුනාගත හැකි විශාල දිය අගලින් වට වූ භූමියක් යනුවෙනි.

වර්ෂ 2016 ගවේෂණ වාරයේ දී අපි කාලිංග ඇළ ඉවුරු දෙකේ ම කි.මී. 20 අනුච්ඡේද හයක් ද කි.මී. 12ක ගවේෂණ ද සම්පූර්ණ කළෙමු. තව ද අඹන් ඔය (ගංගා) ඉවුරු දෙකේ ම කි.මී. 10ක ගවේෂණය ද නිම කළෙමු. සමස්ත වශයෙන් ස්ථාන 142ක් සටහන් කරගන්නා ලදි. ඒවා මෙසේ වර්ගීකරණය කෙරේ, පුරාවිද්‍යා ස්ථාන 93ක්, ජල සම්පාදන විධික්‍රම 11ක් සහ මානව විද්‍යා ස්ථාන 23ක් වශයෙනි. එකී පුරාවිද්‍යා ස්ථාන යළි කොටස් කර පිඟන් මැටි විසුරුම් 28ක්, යබොර සහිත පිඟන් මැටි විසුරුම් 23ක්, යබොර විසුරුම් පහක්, විහාරාරාම ස්ථාන 14ක්, හඳුනා නොගත් ස්ථාන 11ක්, මෙගලිතික සුසාන භූමි විය හැකි ස්ථාන 5ක්, ශිලා විසුරුම් 2ක්, පුරාණ ගල් කොරි විය හැකි ස්ථාන 2ක් සහ එක් කේතුකාර ආවාට ස්ථානයක් යනුවෙනි.

පොළොන්නරුවේ මෙම ස්ථාන අනුරාධපුරයේ ස්ථානයන්ට හාත්පසින් වෙනස් වන්නේ ඒ ප්‍රමාණය අතින් පොළොන්නරුවේ ස්ථාන වඩා විශාල වීම නිසා මෙන් ම රූපවිද්‍යාත්මකව ද ඒ දෙකේ ඇති වෙනස නිසා ය. උදාහරණ වශයෙන් සාමාන්‍යයෙන් පොළොන්නරුවේ පිඟන් මැටි විසිරණයක ප්‍රමාණය වර්ග සෙ.මී. 5000ක් (1.5 හෙක්ටයාර්) වේ. එසේ ම එම විසිරණයක ගඩොළු, උළු, වළං කැබලි සහ ලෝහ කර්මාන්ත අවශිෂ්ට ද ඇතුළත් ය. ස්ථාන තුනක් ඇතුළත ගන්නා ලද යවකාර-කේන්ද්‍ර සෑරීම් මඟින් ලද සාධක අනුව පෙනෙන්නේ ඒවා පදිංචිය දැක්වෙන ගැඹුර මීටර් එකකට වැඩි වන බව ය. මෙය හා සසඳන කළ අනුරාධපුරයෙන් පෙන්නුම් කෙරෙන්නේ සෙ.මී. 20ක පදිංචිය පිළිබඳ ගැඹුරකි. මෙය පෙන්නුම් කරන්නේ අනුරාධපුර අවධියේ ග්‍රාමයන්ගෙන් වෙනස් තත්ත්වයකි. එනම් අතීතයේ තිබුණු සංක්‍රමණික ග්‍රාමයන්හි සිට වඩා ස්ථාවර පදිංචියක් මෙන් ම ඇතැම්විට නාගරීකරණය වූ ජනාවාස සහිත භූමි දර්ශනයකි. පොළොන්නරුව අවට වූ විහාරාරාම විශාල සංකීර්ණයන්ගේ සිට (බොහෝ විට කොල්ලකා තිබුණු) තනි වූ ස්ථූප තෙක් විහිද තිබුණි. ආරාම සංකීර්ණ මායිම් ප්‍රාකාර සහ ගඩොළුයෙන් නිම වූ උළු සෙවිළි ගොඩනැගිලි සහිත ආරාම සංකීර්ණ වඩාත් විධිමත් විය. මේවා අනුරාධපුරයේ සමංගී විහාරාරාමයන්ගෙන් වෙනස් වූ තත්ත්වයකි. යළි මින් පෙන්නුම් කෙරෙන්නේ භූ දර්ශනය මත බොහෝ වෙනස් පදිංචිවීම් ක්‍රමයකි. එය වඩා දැඩි ලෙස සැලසුම් වූ ද කේන්ද්‍රයෙන් පරිපාලනය වූ ද ජනාවාසකරණයකි. 2016 ගවේෂණ වාරයේ දී අපට "යෝනි" කෙටූ ගල් පුවරු දෙකක් ද හමු විය. (ඉන් එකක් තිබුණේ නියමිත ස්ථානයේ නොවේ.) මෙය ප්‍රත්‍යන්ත ප්‍රදේශයෙහි හින්දු ආගමික කටයුතු පිළිබඳ ව ලැබුණු පළමු තිරසර සාධකය විය.

කැණීම්

වර්ෂ 2015 දී පුරාණ නගරයේ ඊසානදිග කොණෙහි පිහිටා තිබුණු ශිව දේවාලයෙහි කැණීම් කටයුතු නිමා කැරුණි. කැණීමෙහි අරමුණ වූයේ එම ස්ථානයටත් ඉතා වැදගත් ලෙස එයින් මතු වූ මෙවලම්වලටත් විද්‍යාත්මක කාල නිර්ණයක් ලබා ගැනීම ය. කෙසේ වුව ද මෙම ස්ථානය වාර්ෂික ඊසානදිග මෝසම් වැසි සමයේ දී ජලයෙන් යටවේ. එහෙයින් මෙම ප්‍රශ්නයට විසඳුමක් යෙදීම සඳහා සැලසුම්වලට පෙරාතුව කැණීම සිදුවිය. පොළොන්නරුවේ මෙම ප්‍රදේශය පිළිබඳ නව තොරතුරු මෙම කැණීමෙන් ලැබේ. අංක "01" යෙදූ කැණීම් අගලෙන් මුල් ම අවධියට අයත් ලෙස පෙනෙන ප්‍රාකාරයක් මතු වී තිබේ. මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් තහවුරු කොට ඇති ඇතුළු නුවර ප්‍රාකාරයට සමාන්තර ව දිවෙන මෙම ප්‍රාකාරය ගැන අනුමාන කළ හැක්කේ එය පොළොන්නරු නගර සීමාව පෙන්නුම් කරන පළමු අනුරාධපුර අවධියේ ලකුණු කිරීම විය හැකි බව ය. අවගාර කාණු මඟින් පැහැදිලි වී ඇත්තේ ප්‍රාකාරය නැගෙනහිර-බටහිර එල්ලයකට අනුව ඉදි කර ඇති අතර මෙහි දී නිර්දේශ කළ යුත්තක් නම් ප්‍රාකාරයේ පූර්ණ පැතිරීම හා කාර්යය නිශ්චය කරගැනීම පිණිස මීළඟ ගවේෂණ වාරයේ දී භූ භෞතික ගවේෂණයක් හා කුඩා සොන්ඩේජ් කැණීම් සිදු කළ යුතු බවත් ය. මෙහි ඇති මුල් මායිම් ප්‍රාකාරය ශිලාමය දේවාල ගොඩනැගිල්ල හා සම්බන්ධ යැයි සැලකිය හැකි ය. ඊට හේතුව මෙහි පොළොන්නරු ගොඩනැගිලි ක්‍රමය වූ ගඩොල් කර්මාන්තයට යටින් ගල් කුට්ටි යොදා තිබීම දක්නට ඇති හෙයිනි. යාබද ඇති තහවුරු කළ පොළොන්නරු අවධියට අයත් ඇතුළු නුවර ප්‍රාකාරයේ මේ ක්‍රමය භාවිත වී තිබේ. මෙම මායිම් ප්‍රාකාරය මඟින් ශිව දේවාල අංක 02 වටා ශුද්ධ භූමිය නිර්ණය කරන ලදි. එසේ වෙන් කැරුණු අංගනය තුළ ජනාවාස ශේෂයන් එකතු වී නොතිබුණු අතර එහි කැණීම් අගලේ තිබුණු බිඳුණු ගල් කණුව සහ A අගලේ වූ කාණු ස්වරූපය බිඳ දැමුණු හෝ යළි අන්තර් ග්‍රහණය කර ගැනුණි. පසුකාලීන ජනාවාසකරණයේ දී මෙම ශුද්ධ භූමියට ගෞරවය දක්වන ලදි. ශිලාමය සිද්ධස්ථාන ඉදිකිරීම් අවධියට පසුව ආ මෙම අවධියේ දී ගොඩනැගීම් කටයුතු ගඩොළු මායිම් ප්‍රාකාරයෙන් උතුරට සීමා විය. සැබවින් ම පසුකාලීන ව යළි භාවිතයට ගැනුණු ගල් කුට්ටි ප්‍රාකාරයක් මඟින් ද මුලින් වූ මායිම් ප්‍රාකාරයට ගරු කරන ලදි. මෙම ජනාවාසකරණයේ පසුකාලීන අවධිය කාර්මික ශිල්ප හා සම්බන්ධ විය. එනම් විශේෂයෙන් ලෝහ කර්මාන්ත සහ (විය හැකි) වීදුරු කර්මාන්ත ය.

2016 වර්ෂයේ දී වැඩිදුරටත් සිදු කැරුණු කැණීම් මඟින් අපේක්ෂිත වූයේ ශිල්පීය නිර්මාණ කටයුතු පිළිබඳ ව සහ කාර්මික කටයුතු පිළිබඳ සොයා බැලීමත් පෙර ගවේෂණ වාරයේ දී සොයා ගැනුණු දේවාල මායිම් ප්‍රාකාරය මනාව පැහැදිලි කර ගැනීමත් ය. මායිම් ප්‍රාකාරය ඊසානදිග හා ගිණිකොණදිග කොන්වල හඳුනා ගන්නා ලදි. එහෙත් එම ස්ථානවල එය රුක්මුල් නිසා හෝ පසුකාලීන ගොඩනැගීම් සඳහා එහි කොටස් අපහරණය නිසා මහත් සේ හානියට පත් ව තිබුණි. දකුණුදිග දී මෙම භූමිය සම්පූර්ණයෙන් හානියට භාජනය වී තිබුණු අතර ඉතිරි ව තිබුණේ විසිරුණු බොරළු පැල්ලම් කීපයක් පමණි. දේවාල භූමිය ඇතුළත කැණීම්වල දී පූර්ව පදිංචිවීම් කීපයකට සාධක හමු විය. මීට ශිලාමය දේවාල ගොඩනැගිල්ලට උතුරින් ශිලා හා ගඩොල් ගොඩනැගිලිවල අත්තිවාරම් ද කැඩුණු ශිලා ස්ථම්භයක් ද හමු විය. මෙම කැණීම් මඟින් අංක 02 ශිව දේවාලයේ අත්තිවාරමෙහි ස්වභාවය ද හෙළිදරව් විය. අත්තිවාරමේ ඇති මනාව ඔපමට්ටම් කළ ගල් කුට්ටි රඳා පැවතුණේ සිහින් පස් ඇතිරුමක් මත ය. දේවාලය ගොඩනැගුණේ ස්වභාවිකව ම උස් වූ ප්‍රදේශයක ය. ගල් ගුට්ටි දේවාලය ඉදි කිරීම සඳහා භාවිතයට ගැනීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ඒ සඳහා පෙර දවස ජනාවාසකරණයෙහි භාවිත වූ ද්‍රව්‍ය මේ සඳහා යොදා ගන්නා ලද බව ය.

අංක 02 ශිව දේවාලය ප්‍රදේශයේ කරන ලද කැණීම්වලින් ඔප්පු වන්නේ එහි මායිම් ප්‍රාකාරයට පිටත සෑහෙන කර්මාන්ත ක්‍රියාකාරකම් සිදු වී ඇති බව ය. ශුද්ධ භූමිය අපවිත්‍ර කරන කටයුතු භූමියෙන් පිටතට සීමා කරන ලද බව පෙනේ. එබඳු කර්මාන්ත කටයුතු දේවාල ආර්ථීකයට සම්බන්ධ ව තිබුණා විය හැකි ය. වන්දනාකරුවන් සඳහා අවශ්‍ය මෙන් ම අවට ප්‍රදේශය තුළ නිපදවෙන දේ යළි ඛෙදාහැරීම් ජාලයක් ක්‍රියාත්මක වූවා විය හැකි ය. මෙම ක්‍රියාවලිය අනුරාධපුර අවධියේ දී බෞද්ධ විහාරාරාම විසින් අවට ප්‍රදේශයේ ක්‍රියාත්මක කොට තිබුණු ඒ හා සමාන ක්‍රියාදාමයකට සමාන වූවා විය හැකි ය.

අප විසින් පොළොන්නරුවේ ඇතුළු නුවර උතුරු ප්‍රාකාරයෙහි දෙපැත්තේ ද කැණීම් කරන ලදි. එහි අරමුණ වූයේ එය ඉදිකරන ලද කාලය නිර්ණය කර ගැනීම ය. එම කැණීම්වලින් පෙනී ගියේ එම ඉදිකිරීම් යුග ගණනාවක් ඇති බව ය. දැනට ඉතිරි වී ඇති අවශිෂ්ටයන්ට යටින් පෙර දවස මානව ක්‍රියාකාරම් පිළිබඳ සාධක ලැබේ. දින නිර්ණය කිරීමේ ප්‍රතිඵල අපි තව ම අපේක්ෂා කරමු.

පළ වී ඇති ප්‍රතිඵල

  • ජර්නල් ලිපිය

Lucero, L.J., Fletcher, R. & Coningham, R.A.E. (2015). From ‘collapse’ to urban diaspora: the transformation of low-density, dispersed agrarian urbanism. Antiquity 89(347): 1139-1154.

  • පොතේ පරිච්ඡේදය

Coningham, R.A.E., Manuel, M.J., Davis, C.E. & Gunawardhana, P. (2017). Archaeology and Cosmopolitanism in Early Historic and Medieval Sri Lanka. In Sri Lanka at the Crossroads of History. Biedermann, Z. & Strathern, A. London: UCL Press. 19-43.