ජාතික අනුරූ මධ්‍යස්ථානය
ජාතික අනුරූ පාසල පිහිටා ඇත්තේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පස්යාලට සමීප කජු වෙළඳාම සඳහා ප්‍රසිද්ධ බටලීය ග්‍රාමයේ මනස්කාන්ත පරිසරයක ය.
ජාතික අනුරූ පාසල පරිපාලනය වන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසිනි. එම මධ්‍යස්ථානයේ අරමුණ වන්නේ සිතුවම්, ප්‍රතිමා කැටයම් ආදී අපේ විවිධාංගී වූ සභ්‍යත්වය නිරූපණය කරන පෞරාණික කලා නිර්මාණයන්හි අනුරූ නිෂ්පාදනය කිරීම ය. රජය විසින් පරිපාලනය වන එකම අනුරූ මධ්‍යස්ථානය වන මෙය මඟින් හැම භාණ්ඩයකම නිවැරදි මිනුම් සහ හැඩයන්ගෙන් යුක්තව, උසස් ප්‍රමිතියත් සහතික කෙරේ.
අරමුණු
නිෂ්පාදන ඒකකය
ජාතික අනුරූ පාසලේ නිෂ්පාදන අංශය විසින් නිවැරදි යථාභූතභාවය දරන උසස් ප්‍රමිතියෙන් යුත් අනුරූ විවිධ මාධ්‍යයන් වන සිමෙන්ති, ෆයිබර්, වීදුරු, මැටි, පිත්තල, ලෝකඩ, පිඟන් මැටි, දැව සහ ශිලා ආදියෙන් නිෂ්පාදනය කරනු ලැබේ. මෙම පුරාණ භාණ්ඩ අනුරූ අංශය ජාත්‍යන්තර මෙන් ම ජාතික වෙළඳපලට සැපයීම් කරයි. එය විසින් අට ලේඛන, සිහිවටන, ප්‍රතිමා ආදී නිෂ්පාදන පිළිබඳ විශේෂ ඇණවුම් ද භාරගනු ලැබේ.
ජාතික අනුරූ පාසලේ සේවයේ නියුතු විශේෂයෙන් පුහුණුව ලත් නිර්මාණ ශිල්පීන් විසින් නිමවා ඇති අනුරූ පිළිබඳ උදාහරණ කීපයක් :
ශාස්ත්‍රීය ඒකකය
මෙම ඒකකය විසින් කුසලතා ඇති තරුණ පිරිස් අතුරෙන් කීපදෙනෙකු තෝරාගෙන ඔවුන්ට චිත්‍රකර්මය, ප්‍රතිමා ශිල්පය සහ කැටයම් කලාව යන ක්ෂේත්රයන්හි පුහුණුවීම් ලබා දෙන්නේ මුල් කෘතින්හි ස්වරූපය හා ගුණාත්මකභාවය සුරක්ෂිත වන පරිදි අනුරූ සෑදීම පුහුණු කරවමිනි. එසේම මෙම ඒකකය විසින් තරුණ කලාකරුවන්ට මෙම දුර්ලභ මෙන් ම වටිනා කලා ක්ෂේත්රය තුළ වෘත්තීය කෞශල්‍යය පවත්වා ගනිමින් එය ආදායම් මාර්ගයක් ලෙස යොදා ගැන්මට ඔවුන් දිරිගන්වනු ලැබේ. මෙම පුහුණුවිම් පාඨමාලාවට සිතුවම් කලාව, ප්‍රතිමා ශිල්පය, පිත්තල කැටයම, දැව කැටයම්, ශිලා ප්‍රතිමා ශිල්පය සහ පිඟන් කර්මාන්තය ඇතුළත් ය.
මෙම පාඨමාලාව සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් තෝරාගැනීමේ දී පාරම්පරික ශිල්ප පරම්පරාවල අයට ප්‍රමුඛතාව දෙනු ලැබේ. මෙම පාඨමාලාවන් සඳහා අවශ්‍ය මූලද්‍රව්‍ය මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සපයනු ලබන අතර ශිෂ්‍ය පිරිස පුහුණුවන කාලය තුළ දී විශේෂ දීමනාවක් ද දෙනු ලැබේ. පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කළ පසුව ඔවුනට මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සහතික පත්‍රයක් ද ලබා දෙනු ඇත. මෙම පුහුණුව අගයමින් ජාතික ආධුනිකත්ව සහ තාක්ෂණික පුහුණු කිරීම් අධිකාරිය විසින් ද සාර්ථකව පාඨමාලාව නිමවන්නන්ට සහතික පත්‍රයක් ප්රදානය කෙරෙනු ඇත.
පසුගිය වසර කීපය තුළ දී පෞරාණික භාණ්ඩ අනුරූ මධ්‍යස්ථානයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරනු ලබන ජාතික ප්‍රදර්ශනයන්හි දී නිරතුරුව ම ජයග්‍රාහකයන් ලෙස තෝරා ගනු ලැබිණි. මීට අමතරව සඳහන් කළ යුත්තක් නම් දැනට මෙම ජාතික අනුරූ මධ්‍යස්ථානයේ උපදේශකයන් හා ශිල්පීන් ලෙස කටයුතු කරන සියලූ දෙනා ම මෙම අනුරූ මධ්‍යස්ථානයේ පුහුණුව ලැබුවන් බව ය.
Replica Purchase
Sales centres that provide the opportunity to purchase National Replica Schools’ replicas:
Bataleeya +94 33 2285230 |
|
|
|
National Museum, Colombo +94 11 2694767 |
|
|
|
Attaputtu Building, 11, Independence Avenue, Colombo 07 +94 11 2679919 |
|
|
|
Muhandiram Mandiraya, (Near Natha Devalaya) Kandy +94 81 2228075 |
|
|
|
Sigiriya Museum, Sigiriya +94 66 2286946 |
|
|
|
Maritime Archaeology Museum, Galle +94 91 3786088 |
|
|
|
Kataragama Museum, Kataragama +94 47 4928195 |
|
|
|
Maritime Archaeology Museum, Galle +94 91 3786088 |
|
|
|
Tissamaharamaya +94 47 2239082 |
|
|
|
Polonnaruwa Museum, Polonnaruwa +94 27 2224850 |
|
|
|
Jethavana Museum, Anuradhapura +94 25 4926462 |