අනුරාධපුරය
per person
පූජනීය නගරවලින් එකක් වන අනුරාධපුරය, ශ්‍රී ලංකාවේ පළමුවන අගනුවර වේ. යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයක් වන මෙම පූජනීය අනුරාධපුර නගරය, බෞද්ධ සංස්කෘතියේ හා අතීත ජනතාවගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය පෙන්නුම් කරනු ලබයි. වසර 2000 කට වඩා පැරණි බෞද්ධ ස්මාරක විශාල ප්‍රමාණයක් මෙහි දක්නට ලැබේ. ජේතවනය සහ අභයගිරිය නම් වූ ලොව විශාලතම ස්තුප පිහිටා තිබෙන්නේ ද අනුරාධපුර නගරයේ ය. ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ රෝපණය කරන ලද පූජනීය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ද මහාවිහාරයේ පිහිටා ඇත.
අනුරාධපුරයේ වඩාත් ආකර්ෂණීය ස්ථාන
මහාවිහාරය
දේවානම්පියතිස්ස රජු විසින් (ක්‍රි.පූ 250 – 210) අනුරාධපුරයේ දකුණු දොරටුව ආසන්නයේ පිහිටි නන්දන වනය හා මහාමේඝවනය යන උද්‍යාන භික්ෂූන් උදෙසා පූජා කොට මහමේඝවය තුළ ප්‍රථම සංඝාරාමය ඉදි කරන ලදි. මුලින්ම එය තිස්සාරාමය ලෙස හඳුන්වන ලදි. පසුව එය මහාමේඝවනාරාමය, මහාවිහාරය යන නම්වලින් ප්‍රචලිත විය. මහාවිහාරය එතැන් සිට සියවස් ගණනාවක්ම ශ්‍රී ලංකාවේ භික්ෂූ පරපුරේ එකම මූලස්ථානය විය. ප්‍රථමවරට ථේරවාද ත්‍රිපීඨකය ග්‍රන්ථාරූඪ කිරීම, සවිස්තර අට්ඨ කථා රචනා කිරීම සිදු කරන ලද්දේ මහාවිහාරවාසි භික්ෂූන් විසිනි. මහාවිහාරය එකල දිවයිනේ ආගමික, දේශපාලන, ආර්ථීක, සමාජ හා සංස්කෘතික යන අංශයන් කෙරෙහි ඝෘජුවම බලපෑමක් එල්ල කරන ලදි. මෙම කලාපය තුළ ජය ශ්‍රී මහාබෝධිය, රුවන්වැලි සෑය හා ථූපාරාමය යන ප්‍රධාන ආරාමික ඉදිකිරීම් දක්නට හැකිය.
මහාවිහාරය ආශ්‍රිත ඵෙතිහාසික ස්ථාන
අභයගිරිය
ශ්‍රී ලංකාවේ විශාල ස්තූප අතුරින් විශාලත්වයෙන් දෙවන තැන ගන්නා අභයගිරි ස්තූපය වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා රජු (ක්‍රී.පූ 89 – 77) විසින් ඉදිකොට ඇත. හෙක්ටයාර් 200 කට ආසන්න පෙදෙසක ව්‍යාප්තව ඇත. පස්වන සියවසේ මෙරටට පැමිණි ෆාහියන් හිමි පවසන පරිදි, මහාවිහාරයේ භික්ෂූණ් තුන්දහසක් ද අභයගිරියේ භික්ෂූන් පන්දහසක් ද වැඩ සිට ඇත.
මහසෙන් රාජ්‍ය සමයේදි අභයගිරි සංවර්ධනයේ උච්චතම අවස්ථාවට පැමිණි අතර එය මහායාන බුදු දහමෙහි කේන්ද්‍ර ස්ථානය විය. අභයගිරිය තදාශ්‍රිතය දෙස බැලීමේදි දැකිය හැකි බෞද්ධාගමික ගොඩනැගිලි අනුව එවකට මෙම සංකීර්ණය දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද වැදගත් අධ්‍යාපනික මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියාත්මක වන්නට ඇති බව ද සිතිය හැක.
අභයගිරිය ආශ්‍රිත ඵෙතිහාසික ස්ථාන
ජේතවනාරාමය
ජේතවනාරාමය මහසෙන් රජු (ක්‍රි.ව 276-303) විසින් ඉදිකරන ලද්දකි. මහසෙන් රජු ප්‍රධාන වශයෙන් මහායාන බුදු දහම වැළඳ ගත්තෙක් විය. ජේතවනාරාමය විශේෂ වන්නේ එහි ඇති මහා පරිමාණ ස්තූපය නිසාවෙනි. ජේතවනාරාමය පිහිටි ප්‍රදේශය මුල් කාලීනව නන්දන වනයට අයත්ව තිබිනි. එය මිහිදු හිමියන් විසින් අඛණ්ඩව දින හතක් ධර්ම දේශනා කළ ස්ථානය වේ. සංඝාරාමයකට අවශ්‍ය සියලුම ගොඩනැගිවලින් පරිපූර්ණ වූ මෙහි ඉදිකිරීම් මහසෙන් රජුගේ කාලයට අමතරව කිත්සිරිමෙවන් රජු (ක්‍රි.ව 303 – 331) හා ඔහුගෙන් පසු රාජ්‍ය කල රජවරුන් විසින් ඉදිකර ඇත.