හෙළ වෙදකම සහ ආයුර්වේදය
per person
සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකම
සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකම යනු ශ්‍රී ලංකාවේ පැවති අදටත් පවතින දේශීය වෛද්‍ය ක්‍රමයයි. මෙය ඉපැරණි යක්ෂ ගෝත්‍රිකයන් විසින් නිපදවන ලද්දකි. යන්ත්‍ර-මන්ත්‍ර භාවිතයෙන් ලෙඩ රෝග සුව කිරීම ආදී නොයෙකුත් විස්මිත ප්‍රතිකාර ක්‍රම රාශියක් මෙහි පවතී.
ආයුර්වේදය හා හෙළ වෙදකම යනු දෙකක් වන අතර මේවායේ සුළු සමානකම් ද දක්නට ලැබේ.
ඓතිහාසික සිංහල වෙදදුරන් කිහිපදෙනෙක් නම්,
- පුලතිසි ඉසිවරයා
- රාවණා රජු
- බුද්ධදාස රජු
- මහා පරාක්‍රමබාහු රජු
- දෙවැනි පරාක්‍රමබාහු රජු
හෙළ වෙදකමේ අංගයන්
|
|
ආයුර්වේදය
ආයුර්වේදය යනු සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයකි. “ආයුෂ” යන්නෙන් දීර්ඝ ජීවිතය ද “වේදය” යන්නෙන් උසස් දැනගැනීම නොහොත් උතුම් අනුශාසනය ද වශයෙන් අර්ථ දැක්වේ. පොදුවේ ගත්කළ දිගු කලක් ජීවත් වීමට උපදෙස් දෙන උතුම් ශාස්ත්‍රය “ආයුර්වේදය” ලෙස හැඳින්විය හැකිය.
මෙසේ ඉන්දියාවේ ජනිත වූ ආයුර්වේදයේ නිර්මාතෘවරයා ලෙස ධන්වන්තරි නම් ඍෂිවරයා හඳුන්වනු ලබන අතර එතුමා ආයුර්වේදීය ශල්‍ය සම්ප්‍රදායයේ පියා ලෙස හඳුන්වනු ලබයි. ආයුර්වේදය නොහොත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව යනු ඉන්දියානු උප මහද්වීපයට ආවේණික පෞරාණික වෛද්‍ය ක්‍රමයකි. වර්තමානයේදී ද මෙය ඉන්දියාව,නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල මිලියන ගණනක් වූ ජනතාව විසින් බහුලව භාවිතා කරනු ලබන වෛද්‍ය ක්‍රමයකි.
ආයුර්වේදයෙහි මූලික අරමුණ වන්නේ ශාරීරික, මානසික, සමාජීය සහ අධ්‍යාත්මික සුසංයෝගයන් පවත්වා ගැනීමෙන් දීර්ඝායුෂ පවත්වා ගැනීමයි. තවද ආයුර්වේදය යනු ශල්‍ය චිකිත්සාව මඟින් විදග්ධ සැත්කම් ක්‍රමය භාවිතා වන සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවේදයන් අතලොස්සෙන් එකකි.
ඉතිහාසය
අථර්වන් වේදයේ උපාංගයක් වන ආයුර්වේදය මහා බ්‍රහ්මයා විසින් කරවන ලද බව සුසැත සංහිතාවේ සඳහන් වේ. ආයුර්වේදයේ උපත පිළිබඳ තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට වාචිකව ගමන්කර ඇත. ආදී ඍෂිවරු ඉන්දියාවේ හිමාල කන්ද පාමුල එක්රැස් වී ඇති අතර ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ සෞඛ්‍ය සම්පන්නව දීර්ඝායුෂ විඳීමේ රහස් පිළිබඳව දැන්ම වැඩිදියුණු කර ගැනීම හා හුවමාරු කර ගැනීමයි. ඔවුන්ගේ මෙම ප්‍රයත්නයේ අවසන් ප්‍රතිඵලය වන්නේ ආයුර්වේදය බිහිවීමයි.
ආයුර්වේදයෙහි භාවිතයන් හා මූලාරම්භය පිළිබඳව ලිඛිත පරිශීලන මාධ්‍යයන් නොමැත. ආයුර්වේදයෙහි වයස නිර්ණය කරනුයේ අමතර පර්යේෂණ සාක්ෂි සහ වේද යුගයෙහි විසූ අග්නි වේශ විසින් රචිත අග්නිවේශ තන්ත්‍රි නම් ග්‍රන්ථයෙහි පළමුවරට ආයුර්වේදය පිළිබඳ සඳහනක් කොට ඇත. මෙය පසුකාලීනව චරත විසින් චරක සම්හිත ලෙස සංශෝධනය කරන ලදී. මුල් යුගයේ ආයුර්වේදය පිළිබඳ අනෙකුත් ලේඛනයන් වනුයේ චරක සම්හිත හා ශුස්රුත සම්හිතයි. ශිලා ලිපි පැවත ඒමට පෙර මෙම දැනුම ගුරුකුල ඔස්සේ වාචිකව පවත්වාගෙන එන ලදී.
මුල් යුගයේ ලේඛනයන් රචිතව තිබුණේ කල්තබා ගත නොහැකි තල් පත්‍ර සහ බෝජ පත්‍ර වල වන අතර පසුකාලීනව ශෛල හා තඹ පත්‍ර මත රචනා කරන ලදී. ආයුර්වේදය පිළිබඳ රචිත ඇතැම් ශ්ලෝකයන් අතර්වේදයෙහි සඳහන්ව ඇති අතර ඇතැම් ඒවා ඉතාමත් පැරණිය.
ආයුර්වේද ක්‍රමයන් කාලයක් මුළුල්ලේ විකාශනයට පත්ව ඇති අතර ඇතැම් ඒවා පුරාණ වේද යුගයෙහි පටන් නව්‍යකරණය වෙමින් පවතී. ආයුර්වේදයෙහි විවිධ සිද්ධාන්තයන් ගොඩනැගීම සඳහා හින්දු ආගම බොහෝ බලපෑම් කර ඇති අතර මුල් යුගයේ දී දිව්‍යමය ප්‍රාඥයින් විසින් අවබෝධ කරගත් දැනුම සංකීර්ණ ස්මෘති ආධාරක මඟින් සාමාන්‍ය මනුෂ්‍යයන් වෙත ද පසුකාලීනව ක්‍රම ක්‍රමයෙන් ගමන් කර ඇත.
මහා භාරතයේ සඳහන් වන ආකාරයට ක්‍රිෂ්ණ දෙවියන් හට සම්බි නම් පුතකු විය. ඔහු ලාදුරු රෝගයෙන් පීඩා වින්දේය. ඔහුට ප්‍රතිකාර කරනු වස් ක්‍රිෂ්ණ දෙවියන් විසින් ශක්‍ර ද්වීපයෙහි (නූතන ඉරානය) වෙසෙන විශේෂ බ්‍රහ්මයින් කොටසක් වෙත ආරාධනා කොට යවන ලදී. ඔවුන් සූර්යය නමස්කාරයෙහි නිරත වන්නන් සහ ප්‍රසිද්ධ දෛවඥයන් වුණි. ඔවුන් සම්බි හට ප්‍රතිකාර කොට ලාදුරු රෝගය සම්පූර්ණයෙන්ම සුව කරන ලදී. ශක්‍ර ද්වීපයෙහි බ්‍රාහ්මණයන්හට මාගි බ්‍රාහ්මනයන් ලෙස ද ව්‍යවහාර කෙරේ. සකල් ද්වීපයෙහි ආයුර්වේදය, දෛවඥවේදය, තාරකා විද්‍යාව පිළිබඳ විශේෂ දැනුමක් තිබූ අතර ඔවුන් සූර්යය නමස්කාරයෙහි යෙදෙන්නන් වූයෙන් සෞර යන නමින් හැඳින්විණි. මොවුන්ගේ උපත පිළිබඳ වැඩි විස්තර භාවිශ්‍ය පුරාණයෙහි සඳහන් වේ. ඔවුන් ආයුර්වේදයෙහි ලා විශේෂ මෙහෙයක් ඉටු කළහ. නූතන ආයුර්වේදයෙහි නිර්මාතෘ වනුයේ මාගි හෝ සකල් ද්වීපයයි.
ලක්දිවට සංක්‍රමණය
පුලස්ති මහා ඍෂිවරයා ද අගස්ති මුනිවරයා ද සිද්ධ වෛද්‍ය ක්‍රමයේ ප්‍රගතියට කටයුතු කර ඇත. පසුව ලංකාවට පැමිණි පුලස්ති මහා ඍෂිවරයා අසුරයන්ගෙන් පසු රටේ ශක්තිමත්ව සිටි සාමාජිකයෝ වූ රාක්ෂයන් වෙත විවිධ වෛද්‍ය ක්‍රමයන්ගේ සංකලන දේශීය ඖෂධ සම්පත් උපයෝගී කරගනිමින් ආයුර්වේද ක්‍රමය හඳුන්වා ඇත.
ආයුර්වේද ක්‍රමය ලක්දිවට සංක්‍රමණය වූයේ භාරතයෙන් බව පුරාවෘත්ත මඟින් හෙළිවේ. දැනට ලක්දිව ව්‍යවහාර වන වෛද්‍ය ක්‍රමයට සිංහල වෙදකම හෙවත් ස්වදේශීයව වෛද්‍ය ශාස්ත්‍රය යැයි කියනු ලැබේ. දේශීය වෛද්‍ය ක්‍රමය, ජාතික වෛද්‍ය ක්‍රමය, සිංහල වෛද්‍ය ක්‍රමය යන විවිධ නම් වලින් මෙය හඳුන්වන අතර 1961 අංක 31 දරණ ආයුර්වේද පනතේ 89 ඡේදයෙහි එන අර්ථ නිරූපණයට අනුව ආයුර්වේදය යන නාමය ආයුර්වේදය, සිද්ධ, යුනානි යන වෛද්‍ය ක්‍රම තුනටම අදාල නාමයන් ලෙස හඳුන්වා ඇත.
ප්‍රධාන අංග
මෙය අෂ්ඨාංග ආයුර්වේදය ලෙස ද හඳුන්වනු ලබයි.
- කාය චිකිත්සා තන්ත්‍රය
- ශල්‍ය චිකිත්සා තන්ත්‍රය
- ශාලාක්‍ය තන්ත්‍රය
- කෞමාරභෘත්‍යය තන්ත්‍රය
- අගද තන්ත්‍රය
- භූත විද්‍යා තන්ත්‍රය
- රසායන තන්ත්‍රය
- වාජීකරණ තන්ත්‍රය
මූලික සිද්ධාන්ත
මේවා ෂඩ් දර්ශන ලෙස හැඳින්වේ.
- වේදාන්ත දර්ශනය
- මිමංසා දර්ශනය
- සංඛ්‍යා දර්ශනය
- යෝග දර්ශනය
- න්‍යාය දර්ශනය
- වෛශේෂික දර්ශනය
බෞද්ධ දර්ශනයේ සිද්ධාන්ත ද ආයුර්වේදය ගොඩනැගීම සඳහා බලපා ඇත.
- පංච මහා භෞතික සිද්ධාන්තය (ආකාශ, අග්නි/තේජෝ, වායු, ආප්/ආපෝ, පෘථිවි/පඨවි)
- ත්‍රි දෝෂ සිද්ධාන්තය (වා, පිත්, සෙම්)
ආයුරුවේද ග්‍රන්ථ කිහිපයක්
- සාරාර්ථ සංග්‍රහය
- භේසජ්ජ මංජුසාව
- යෝගාර්ණවය හා ප්‍රයෝග රත්නාවලිය