කොහොඹා යක් කංකාරිය
per person
උඩරට සම්ප්‍රදායට අයත් ශාන්තිකර්ම අතර ප්‍රධානතම ශාන්තිකර්මය වශයෙන් කොහොඹා යක් කංකාරිය හැඳින්විය හැකිය. ජනශ්‍රැති හා ඓතිහාසික පුරාකතා රැසකින් පෝෂිතව ඇති මෙම ශාන්තිකර්මයේ පෙළපාලි විධි රාශියකි. උඩරට නර්තනයේ ප්‍රධානතම ඇඳුම් කට්ටලය වන වෙස් ඇඳුම් කට්ටලය හා උඩරට බෙර වාදන ඇඳුම් කට්ටලය රංගවස්ත්‍ර අතර ප්‍රධානත්වයේලා සැලකිය හැකිය. ගැටබෙරය හෙවත් උඩරට බෙරය ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වේ.
කොහොඹා යක් කංකාරිය කොහොඹා දෙවියන්ට පූජෝපහාර පිණිස පවත්වන ශාන්තිකර්මයකි. සතර කෝරළය, උඩු නුවර, යටි නුවර, හාරිස්පත්තුව, තුම්පනේ සහ දුම්බර උඩ පළාත කොහොඹා යක් කංකාරිය පවත්වන ප්‍රදේශ ලෙස හැඳින්විය හැකිය.
සාහිත්‍යමය පුරාකතා මෙන්ම විවිධ කථා පුවත් ශාන්තිකර්මයට අදාළ කවි, සන්න, සැහැලි ආදියෙන් හෙළිවන අතර කොහොඹා යක් කංකාරිය ශාන්තිකර්මය පෝෂිතව ඇත්තේ පුරාකතාවලින් බව පෙළපාලි අංග හා බැඳි ගායනයන් තහවුරු කර ඇත. මෙහිදී ප්‍රධාන වශයෙන් දාන පහ, කථා පහ විශේෂිත පෙළපාලි අංග වශයෙන් හැඳින්විය හැකිය. පළවැල දානය, ඌරු දානය, දිවි දානය, සුරබි දානය, වැදි දානය මෙම දාන පහට අයත් ප්‍රධාන පෙළපාලි අංග වන අතර විජයරාජ කථාව, පඬුවස් කථාව, සිංහවල්ලි කථාව, දඬු මොණර කථාව, සළුගත් කථාව කථා පහට අයත් ප්‍රධානතම පෙළපාලි අංග ලෙස හැඳින්විය හැකිය. කුවේණි අස්න පෙළපාලි අංගයෙන් ඓතිහාසික කුවේණියගේ කථා ප්‍රවෘත්තිය විස්තර කරනු ලබයි. ඉන්දීය සම්භවයක් ඇති විවිධ පුරාකථා පෙළපාලි අංග හා බැඳි ගායනයන් එහි අන්තර්ගතව ඇති බව පෙනී යයි. ඒ අතර රාම, රාවණ, සීතා යන චරිත ද විශේෂිත වේ.
කොහොඹා යක් කංකාරියේ පරමාර්ථ
මෙහි මූලික අභිලාෂය වනුයේ ධන-ධාන්‍ය, ගව-මහීෂාදී, භව-භෝග සම්පත් වැඩිදියුණු කර ගැනීමයි.
පඬුවස්දෙව් රජුට වැළඳුන දිවිදොස් සුව කිරීම සඳහා පවත්වන ලද ශාන්තිකර්මය කොහොඹා යක් කංකාරිය බව ජනශ්‍රැතිගත තොරතුරු මඟින් අනාවරණය වේ. එදා පඬුවස්දෙව් රජුට සිඳු කරන ලද යාගය පසු කළෙක ශ්‍රී ලංකාවේ වෙසෙන සිංහල ගැමි බෞද්ධ ජනතාව වෙනුවෙන් සිඳුකරන්නට යෙදුණි. පුද්ගලයෙකුට, නිවසකට, ගමකට, ප්‍රදේශයකට, පළාතකට, රටට යනාදී වශයෙන් කොහොඹා යක් කංකාරිය පැවැත්වීමට පටන් ගති. ඒ අනුව, මිනිසාගේ අපල-උපද්‍රව, රෝග-ආබාධ මෙන්ම කෘෂිකාර්මික කටයුතුවල දියුණුව උදෙසාත් යහපත් ජීවිතයක් ගත කිරීම සඳහාත් මෙම ශාන්තිකර්මය පවත්වන බව දැක්විය හැකිය.
කොහොඹා යක් කංකාරියේ පිඳුම් ලබන දේව මණ්ඩලය
යාග ඇදුරන්ගේ කවි ගායනය තුළ බණ්ඩාර හැටහත් කට්ටුවක් ගැන කියැවේ. අලුත් කොහොඹා, පරණ කොහොඹා, මහා කොහොඹා, වැදියක් වලියක්, මෙලෙහියක් යන දෙවිවරුන් මෙන්ම කන්දේ බණ්ඩාර, වීරමුණ්ඩ බණ්ඩාර, උඩුවේරිය බණ්ඩාර, කලුකුමාර බණ්ඩාර යන දෙවිවරුන් කොහොඹා යක් කංකාරිය ශාන්තිකර්මයේ දී පුද ලබන බව සඳහන් වේ.
ලංකාවේ ශාන්තිකර්මවල දී පුද පූජා ලබන්නට වරම් ලබා ඇතැයි සැලකෙන භාරතීය සම්භවයකින් යුතු වූ සහ දේශීය සම්භවයකින් යුතු වූ දෙවි දේවතාවන් රාශියක් කොහොඹා යක් කංකාරියේ දී පුදනු ලැබේ. මෙහිදී කොහොඹා තුන් කට්ටුව, වලියක් තුන් කට්ටුව, බණ්ඩාර හැටහත් කට්ටුව, වීරමුණ්ඩ පස් කට්ටුව, කලුකුමාර, වැදියක් කඩවර, නැදියක් බණ්ඩාර, කනදේ පන්තිස් කට්ටුව, මෑණි මෑණියන් (පත්තිනි), පුදන වැදියක් තුන් දොළස (තිස් හය), මෙලෙයි සත් දෙන, කුඩා ගුරු, මහ ගුරු, දෙතිසක් කඩවර, අබිමාන, මංගර, දොළොස්ගිරි ආදි දෙසිය හයක් දෙවිවරුන් සහ යකුන් පිළිබඳව සඳහන් කෙරේ.
වර්තමානයේ කොහොඹා යක් කංකාරිය පැවැත්වීමේ මුඛ්‍ය පරමාර්ථය වස්දොස් දුරු කිරීම සහ භවභෝග සම්පත් වැඩිදියුණු කර ගැනීමය. එය එක් දෙවියෙකු හෝ යක්ෂයෙකු හෝ විසින් පමුණුවන ලද කිසියම් උපද්‍රවයකින් මිදීම පිණිස පවත්වනු ලබන ශාන්තිකර්මයක් නොවේ. එහෙත් මෙහි ඇතුලත් වන ගුරුගේ මාලාව යනුවෙන් හඳුන්වනු ලබන පෙළපාලිය සුපරික්ෂාවට ලක් කිරීමේ දි එය හුදෙක් කලු කුමාරයා විසින් මින්සුන්ට පමුණුවන යම් රෝග පිඩාදියෙන් මිදීම සඳහා පවත්වනු ලබන රෝගෝපශමන පෙළපාලියක් බව නිගමනය කළ හැකිය.
පූර්ව චාරිත්‍ර විධි
කංකාරියට පෙර දින චාරිත්‍ර
කංකාරිය පවත්වන දිනයේ පෙරවරු චාරිත්‍ර
කංකාරිය පවත්වන දින සවස් වරුවේ චාරිත්‍ර
රාත්‍රී සමයේ චාරිත්‍ර විධි
උක්ත පෙළපාලි අංග අනුපිළිවෙල ප්‍රාදේශීය වශයෙන් සහ ගුරුකුල විශේෂතා වශයෙන් සුලු වෙනස්කම්වලට භාජනය වේ. එකී වෙනස්වීම් සාමූහිකව ඉදිරිපත් කිරීමේ දී එක් සම්මුතියකට පැවැත්වීම සඳහා විවිධ ගුරුකුල හා ප්‍රාදේශීය ගුරුකුල එක්සේසත්ව කටයුතු කිරීම සාමාන්‍ය කාරණයකි. ඒ අනුව තෝරාගත් එක් ක්‍රමවේදයකට ශිල්පීන් කටයුතු කිරීමට යොමු වීම සාමාන්‍ය සිරිතය.