උඩරට නැටුම් සම්ප්‍රදාය
per person
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ප්‍රදේශයේ ආරම්භ වූ නැටුම් සම්ප්‍රදායක් වන උඩරට නැටුම් සම්ප්‍රදාය සිංහල නැටුම් සම්ප්‍රදායන් අතරින් ප්‍රධාන සම්ප්‍රදායක් වේ. 19 වන සියවසේ අග දක්වාම පිරිමින්ට පමණක් සීමා වූ උඩරට නැටුම්, වර්තමානය වන විට කාන්තා පාර්ශවය සඳහාද නැටුම් සම්ප්‍රදාය හැදෑරීමට අවකාශය ලැබී ඇත.
උඩරට නැටුම් සම්ප්‍රදායට ලාංකීය අනන්‍යතාවයක් ද එක් කොට ගනිමින් ඒ හා සම්බන්ධ වූ විශේෂ කුලයක් උඩරට රාජධානිය තුළ බිහි වූ අතර ඔවුහු දළදා වහන්සේට තේවාවන් පවත්වන කුලයේම විශේෂයේම කොටසක් වූහ. එමෙන්ම මොවුහු දළදා පෙරහැරේ ප්‍රධාන නැට්ටුවන් වශයෙන් ද පිළිගැනීමට ලක්වූහ.
බිත්‍රාන්‍යයන්ගේ උඩරට ආක්‍රමණයත් සමඟ උඩරට රාජධානිය බිඳ වැටුණු අතර මෙම සම්ප්‍රදායික නැටුම් කලාව ද ඒ හා සමගාමීව අභාවයට පත් විය. නිදහස ලැබීමත් සමඟ මෙම සුවිශේෂී කලාවේ ශේෂයන් තුළින් නැවතත් උඩරට සම්ප්‍රදාය පණ ගැණුනු අතර අදටත් ලාංකීය සමාජයේ ඉහළ පිළිගැනීමකට මෙම සම්ප්‍රදාය ලක්වේ.
පුරාවෘත්තයන්ට අනුව, උඩරට නර්තනය ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වූයේ මෙරටට පැමිණි ඉන්දියානු යකැදුරන් පිරිසක් විසින් පවත්වන ලද කොහොඹා කංකාරිය නම් වූ ශාන්තිකර්මයක් මඟින් යැයි විශ්වාස කෙරේ.
පුරාවෘත්තයට අනුව, ඉන්දියානු යකැදුරන් මෙරටට පැමිණියේ කුවේණිය විසින් විජය රජුට සිඳුකල දිවි දෝෂය ඔහුගෙන් පසු පඬුවස් දෙව් රජුට වැළඳී ඔහු ආසාද්‍ය වූ පසු ඔහු සුව කිරීමටය. රජු යකැදුරන්ට පැවසුවේ දිවියෙක් තමාට පහර දෙනු නිතරම සිහිනෙන් පෙනෙන අතර එය තමාට මහත් පීඩාවක් ලෙසය. එය විජය රජුගේ පළමු බිසව වූ කුවේනියගේ ඉන්ද්‍රජාලික මායාවක් නිසා ඇති වූවක් බව විශ්වාස කෙරිණි. කොහොඹා කංකාරිය නම් වූ ශාන්තිකර්මය පැවැත්වීමෙන් පසු රෝගය සම්පූර්ණයෙන්ම සුව වූ අතර එය බොහෝ ස්වදේශිකයන්ගේ අවධානයට ලක් විය.
මෙය මූලිකව ඉදිරිපත් කරන ලද්දේ උඩරට රාජ්‍ය ක්‍රමය විසින් නම් කරන ලද විරල කුලයක නැට්ටුවන් විසිනි. මොවුහු ශ්‍රී දළදා මාලිගයේ රැකියාවන්ට අනුයුක්තව රාජකාරී කල අතර වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී දළදා පෙරහැරේ සුවිශේෂි මෙහෙයක් ඉටු කළහ.
උඩරට රජවරුන්ගේ අනුබලය යටතේ පැවත ආ මෙම සම්ප්‍රදායික නැටුම් ක්‍රමයේ ජනප්‍රියත්වය බ්‍රිතාන්‍ය පාලන සමයත් සමඟ තරමක් දුරට හීන විය. වර්තමානයේ දී එය නැවත උද්යෝගිමත් වී වේදිකාවට ගැළපෙන ලෙස හැඩගස්සවා ඇති අතර ශ්‍රී ලංකාවේ මූලික සංස්කෘතික අංගයක් ලෙස කැපී පෙනෙයි.
වෙස් නැටුම
උඩරට වෙස් නර්තනය ශ්‍රී ලංකාවේ ඉතාමත් වැදගත් සංස්කෘතිකාංගයකි. වෙස් නර්තන කලාවේ එන ඉතාමත් වැදගත් නර්තන අංගයකි. කොහොඹා කංකාරිය, මහා සම්මත රජ දවස ඔහුගේ විවාහය නිමිත්තෙන් මෙම වෙස් නර්තනය මුලින්ම නර්තනය කළ බව පතපොතේ සඳහන් වේ.
වෙස් නර්තන ශිල්පියෙකුගේ ඇඳුම් කට්ටලය දෙවිවරු 24 දෙනෙකුගේ ඇඳුම් ආයිත්තම් වලින් සකස් වූවක් බව නර්තන කලාවේ සඳහන් වේ. එම නිසා නර්තන ශිල්පීන් ඉමහත් ගෞරවයෙන් මෙම වෙස් ඇඳුම් කට්ටලය භාවිතා කරයි. නුවර ඇසළ පෙරහැරේ ඉතාමත් විචිත්‍රවත් නර්තන අංගයක් ලෙස ද මෙම වෙස් නර්තන අංගය හැඳින්විය හැකිය. එනිසා ඇසළ පෙරහැරේ අනිවාර්යය අංගයක් වේ.
වෙස් නැට්ටුවන් හට දළදා පෙරහැරෙහි කංකාරි දෙවොල් සීමාවෙන් පිටත දී නැටුම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණේ 19 වන සියවසෙහි අග භාගයේ සිටය. විචිත්‍ර වෙස් ඇඳුමෙන් සැරසුණු වත්මන් වෙස් නැට්ටුවා උඩරට නර්තනයේ ප්‍රතිමූර්තියක් බඳුය.
නෛඅඩි නැටුම
නෛඅඩි නර්තනය රග දක්වනු ලබන්නේ කොහොඹා කංකාරිය සඳහා සූදානම් වන අතරතුර එනම් පහන් දැල්වීමේ දී හා යකුන්, පිශාචයන් උදෙසා පිදේනි පුදන අතරතුරදිය. නැට්ටුවා තම ඇඳුම් කට්ටලය වශයෙන් සුදු රෙද්දක්, අත් පළදනා, ජටාව, ජටා පටිය, ශිඛා බන්ධනය, දෙවුර මාලා, ශිලම්බු, ගෙජ්ජි යනාදියෙන් සැරසෙයි. මෙය විෂ්ණු හා කතරගම දේවාල භූමියන්හි විශේෂ උත්සව අවස්ථාවන්වලදී ඉදිරිපත් කරන ඉතා සුන්දර නර්තනාංගයකි.
උඩැක්කි නැටුම
දෙවියන් විසින් දෙන ලදැයි සැලකෙන මෙම උඩැක්කිය අඟල් 7 ½ ක පමණ දිගින් යුතු ඔප දමන ලද භාණ්ඩයකි. පුරාණ විශ්වාසයන්ට අනුව මෙහි බෙර සම් ඊශ්වර දෙවියන්ගේ ද නාදය විෂ්ණු දෙවියන්ගේ ද දායාදයන් වන අතර එය වාදනය කළ යුත්තේ ශක්‍ර දෙවියන්ගේ උපදෙස්වලට අනුකූලව දේව සභාවේදීය. මෙය වාදනය කිරීමට අසීරු වාද්‍ය භාණ්ඩයකි. නැට්ටුවා විසින්ම ගායනය ද සිඳු කෙරෙන අතර බෙර පටි තද කරමින් හඩෙහි උස් පහත් වීම් වලට අනුව උඩැක්කිය වාදනය කළ යුතුය.
පන්තේරු නැටුම
පත්තිනි දේවියට වෙන් කෙරුණු වාද්‍ය භාණ්ඩයක් ලෙස පන්තේරුව සැළකේ. දෙවියන් මෙය යුධ ජයග්‍රහණ සැමරීමේ දී වාද්‍ය භාණ්ඩයක් ලෙස යොදා ගන්නට ඇතැයි විශ්වාස කෙරේ. පැරණි සිංහල රජවරුන් යුද්ධ භූමියන්හි ජයග්‍රහණ සැමරිම සඳහා පන්තේරු නැට්ටුවන් යොදා ගෙන ඇත. පන්තේරු නැට්ටුවාගේ ඇඳුම් කට්ටලයට බොහෝ සෙයින් සමාන වන නමුත් පබළු උරමාලයක් ඊට අඩංගු නොවේ.
වන්නම්
වන්නම් යනු ගායනා විශේෂයකි. බොහෝවිට වන්නම් වලින් විස්තර කෙරෙන්නේ ඇතා, වදුරා, හාවා, මොණරා, කුකුළා, සර්පයා වැනි සත්ව විශේෂයන්හි හැසිරීම් රටාවයි. පසු කාලීනව නැට්ටුවන් විසින් වන්නම් සිය නර්තනයන්හි පසුබිම් ගායනා ලෙස යොදා ගන්නා ලදී. උඩරට නැටුම් ක්‍රමයෙහි වන්නම් 18 ක් පමණ ඇත. සමාප්‍රදානුකූලව වෙස් නැටුම් කට්ටලය පැලදීමට පෙර උඩරට නැට්ටුවකු විසින් මේ සියලු වන්නම් ප්‍රගුණ කළ යුතුය. මේවා අතරින් වඩාත් ප්‍රසිදධ වන්නම් ලෙස හනුමා වන්නම, උකුසා වන්නම, ගජභා වන්නම ගත හැකිය.
වන්නම් යන වචනය සෑදී ඇත්තේ වර්ණනා යන සිංහල වචනයෙනි. පුරාණ සිංහල ග්‍රන්ථයන්හි සැලකිය යුතු වන්නම් ප්‍රමාණයක් දැකිය හැකි වුවද පසුව ඒවා යම් නිශ්චිත අදහසක් ප්‍රකාශ කෙරෙන ඒකල නර්තනයන් සඳහා සුදුසු ගායනා ලෙස අනුවර්තනය විය. ඉතිහාසයේ දැක්වෙන පරිදි ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් නර්තනයට හා සංගීතයට විශාල අනුබලයක් ලබා දී ඇත.
මෙම වන්නම් 18 පුරාණ ඉසිවරයෙකු වූ ගනිතාලංකාර විසින් මහනුවර පන්සලක විසූ බෞද්ධ හිමි නමකගේ සහය ඇතිව රචනා කරන ලදැයි සැලකේ. ස්වභාවධර්මය, ඉතිහාසය, පුරාවෘත්ත, ගැමි ආගම් ඇදහිලි ක්‍රම, ජන කලා පදනම් කරගෙන රචිත මෙම වන්නම් සෑම එකකින්ම කිසියම් වූ මනෝභාවයක් ඉදිරිපත් කෙරේ. උඩරට නැටුම් ක්‍රමයේ එන වන්නම් 18 පහත පරිදි වේ.
වර්තමානයේ දී මෙයට සමනළ, මහ බෝ, හංසා යන වන්නම් ඇතුලත් වී ඇත. වන්නම් එක් නර්තනාංගයක් කොටස් 7 කින් සමන්විත වේ. උඩරට නැට්ටුවා ශීර්ෂාභරණය ද ඇතුළුව විචිත්‍රවත් ඇඳුම් කට්ටලයකින් සැරසෙයි. නැට්ටුවාගේ පපු පෙදෙස ආවරණය කෙරෙන්නා වූ අලංකාර පබළු ආභරණයකි. මෙම ඇඳුම් කට්ටලය වෙස් ඇඳුම් කට්ටලය ලෙස හැඳින්වේ. ශීර්ෂාභරණය ලෝහ වලින් නිර්මිත නළල් පටියකින් යුතුව නැට්ටුවා වඩාත් උසට පෙනෙන පරිදි නිර්මාණය කර ඇත. පුරාණ ඇඳුම් කට්ටලයට කිංකිනි හඬ නංවන ගෙජ්ජි ද ඇතුලත් වේ. සියළු උපාංග ඇතුලත් සම්පූර්ණ ඇඳුම් කට්ටලයකින් සැරසිය හැක්කේ පිරිමි නැට්ටුවන්ට පමණක් වන අතර ඒ සඳහා අවසර ලැබෙන්නේ වෙස් මංගල්‍ය නම් වූ සුවිශේෂී සංස්කෘතික උත්සව අවස්ථාවලදීය.
කාන්තා උඩරට නැටුම්
පිරිමින්ට පමණක් පුහුණු වීමට අවසර තිබූ උඩරට නර්තන සම්ප්‍රදාය පදනම් කරගත් කාන්තා උඩරට නර්තනයන් 20 වන සියවසේ දී බිහි විය. ඒ සඳහාම විශේෂයෙන්ම ආරම්භ කරන ලද අධ්‍යනායතන කිහිපයක් ද ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තව පවතී. නමුත් ගැහැණු නැට්ටුවන් උදෙසාම වෙන් වූ වෙස් ඇඳුම් කට්ටලයක් නොමැති අතර පිරිමි නැට්ටුවන්ගේ ඇඳුම් කට්ටලය ගැහැණු නැට්ටුවෙකුට ගැළපෙන ලෙස වෙනස් කර භාවිතා කිරීමට ගැහැණු නැට්ටුවන්ට සිඳු වේ. කෙසේවෙතත් දළදා පෙරහැර සඳහා කාන්තා උඩරට නැටුම් යොදාගනු නොලැබේ.