මධ්‍යම සංස්කෘතික අරමුදල විද්‍යුත් ටිකට්පත් පද්ධතියක් හඳුන්වාදීම සඳහා මහජන බැංකුව සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
ලොවපුරා විහිදී යන නව තාක්ෂණයන් සහ ප්රවණතා සමඟ සංචාරකයින් වෙත ලබාදෙන සේවාවන් වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් මධ්‍යම සංස්කෘතික අරමුදල මුද්‍රිත ප්‍රවේශපත් වෙනුවට නව විද්‍යුත් ටිකට්පත් පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු ආරම්භ කරන ලදී. 2022 සැප්තැම්බර් 16 වන දින මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී මෙම නව විද්‍යුත් ටිකට්පත් පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල සහ මහජන බැංකුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු. විදුර වික්‍රමනායක අමාත්‍යතුමාගේ හා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා, පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා ඇතුළු මහජන බැංකුවේ හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධානීන් රැසක් සහභාගී විය.