කැටපත් පවුර උතුරු අන්තයේ පිටත පෘෂ්ඨයේ පසුකාලීනව එක් කරන ලද බදාම කොටසක් 2026 ජූලි මස 03 වන දින ගැලවී යාමේ අවදානමකට ලක්වී ඇත. පැරණි බිත්තිය ආරක්‍ෂාව සඳහා යොදන ලද බදාම ස්ථර බන්ධනය දුර්ලවීම හේතුවෙන් පිපිරීමකට ලක්වී ඇති අතර මේ දිනවල පවතින අධික සුළං තත්වය හේතුවෙන් මෙම තත්ත්වය වර්ධනය වී ඇත. එම තත්වය කළමනාකරණය කිරීම සඳහා සිදුකළ යුතු අත්‍යාවශ්‍ය ක්‍ෂණික සංරක්‍ෂණ මැදහත්වීම් කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මේ වනවිට ආරම්භකර ඇත.