බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යංශය යටතේ ඇති මධ්යම සංස්කෘතික අරමුදල මඟින් දිවයින පුරා ස්ථාපිත ව්යාපෘති 6ක් සඳහා මධ්යම සංස්කෘතික අරමුදලෙන් හා පුරාවිද්යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණ නිලධාරීන් වශයෙන් සේවය කර දැනට සේවයෙන් ඉවත්ව සිටින අය ස්මාරක සංරක්ෂණ නිලධාරීන් ලෙස කොන්ත්රාත් පදනමෙන් තාවකාලිකව සේවයේ යොදවා ගැනීමට තීරණය කර ඇත. මේ සඳහා අයදුම් කිරීමට අපේක්ෂිත අයදුම්කරුවන් පහත සඳහන් පරිදි අයදුම්පත සම්පූර්ණ කර 2026.11.01 දිනට පෙර අධ්යක්ෂ පාලන හා මානව සම්පත් සංවර්ධන, මධ්යම සංස්කෘතික අරමුදල, 212/1, බෞද්ධාලෝක මාවත, කොළඹ 7 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ officerda147@gmail.com යන විද්යුත් ලිපිනයට අධ්යාපන හා පළපුරුද්දට අදාළ ලේඛනවල පිටපත් සහිතව යොමු කිරීමට කටයුතු කළ යුතුය. (සැ.යු. විද්යුත් ලිපිනයට අයදුම්පත් යොමු කිරීමේ දී විෂය (Subject) ලෙස Conservation Officer (Contract) යනුවෙන් සඳහන් කළ යුතු අතර, ලියාපදිංචි තැපැල් මගින් ලිපි යොමු කිරීමේ දී ස්මාරක සංරක්ෂණ නිලධාරි (කොන්ත්රාත්) ලෙස ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරෙහි අනිවාර්යෙන්ම සඳහන් කළ යුතුය.)