බුදුරුවගල වැව ආශ්‍රිතව ආරම්භ කිරීමට නියමිත සංචාරක බෝට්ටු සේවාව
බුදුරුවගල පුරාවිද්‍යා පරිශ්‍රය ආශ්‍රිතව සංචාරක කර්මාන්තය දියුණු කිරීමත්, ඒ අවට ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමත් අරමුණු කරගනිමින් මධ්‍යම සංස්කෘතික අරමුදල, ඌව පළාත් සභාව හා බුදුරුවගල ධීවර සමිතිය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනු ලබන බුදුරුවගල වැව ආශ්රිත “සංචාරක බෝට්ටු සේවාව” බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මැයි මස 19 වන දින පෙ.ව. 08.00ට බුදුරුවගල වැව අසලදී ජනගත කිරීමට කටයුතු සුදානම් කර ඇත.
604 Views