මධ්‍යම සංස්කෘතික අරමුදලේ නව වෙබ් අඩවිය හා යූ ටියුබ් චැනලය අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් අන්තර්ජාලයට එක්කරයි
මධ්‍යම සංස්කෘතික අරමුදලේ නව වෙබ් අඩවිය සහ යූ ටියුබ් චැනලය අන්තර්ජාලයට එක්කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඊයේ(03) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදු විය. දේශීය සහ විදේශීය වශයෙන් මෙරට සංස්කෘතිය පිළිබඳව ප්‍රචාරයක් ලබා දීම හා සංචාරක ආකර්ෂණය වැඩි කිරීම මෙහි අරමුණයි. ccf.gov.lk වෙබ් ලිපිනය ඔස්සේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නව වෙබ් අඩවිය වෙත පිවිසිය හැකි අතර “අපේ උරුමය” Central Cultural Fund (Our heritage) නමින් නව යූ ටියුබ් චැනලයට පිවිසිය හැකිය.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ, එහි සංචාරක සහ ජාත්‍යන්තර කටයුතු අධ්යක්ෂ උපුල් බණ්ඩාරනායක, මාධ්‍ය අධ්යක්ෂ ලලිත් උදේෂ මධුභාණු මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.