මධ්‍යම සංස්කෘතික අරමුදලේ බුලර්ස් පටුමගෙහි පිහිටි කාර්යාලයේ රාජකාරි කටයුතු ආරම්භ කෙරේ
සෙත්සිරිපාය දෙවන අදියරේ හතරවන මහලේ පවත්වාගෙන යනු ලැබූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන කාර්යාලය නැවතත් කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, අංක 212/1 දරන පැරණි මුලස්ථානය වෙත ගෙන යන ලදී. පාලන අංශයත්, මාධ්‍ය අංශයත් ජාත්‍යන්තර සබඳතා හා සංචාරක අංශයත් එම ස්ථානයට යාබදව පිහිටි, බුලර්ස් පටුමගෙහි, අංක 37/33 දරන ස්ථානයේ ස්ථාපිත කරනු ලැබීය.
2021.03.30 දින උදෑසන 9.00ට යෙදුණු සුභ මොහොතින් මහා සංඝරත්නයේ ආශිර්වාදය සහිතව පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව එම ස්ථානයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට, ගෞරවණීය මහා සංඝරත්නයත්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් තුමා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයත්, කාර්ය මණ්ඩලයත් සහභාගී විය.