බුදුරුවගල වැව ආශ්‍රිතව සංචාරක බෝට්ටු සේවාව ආරම්භ කිරීම
බුදුරුවගල පුරාවිද්‍යා පරිශ්‍රය ආශ්‍රිතව සංචාරක කර්මාන්තය දියුණු කිරීමත්, ඒ අවට ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමත් අරමුණු කරගනිමින් මධ්‍යම සංස්කෘතික අරමුදල, ඌව පළාත් සභාව හා බුදුරුවගල ධීවර සමිතිය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන බුදුරුවගල වැව ආශ්රිත “සංචාරක බෝට්ටු සේවාව” පසුගිය මැයි මස 19 වන දින බුදුරුවගල වැව අසලදී සුභ මොහොතින් සංචාරකයින් සඳහා විවෘත කෙරිණ.
මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ගරු ජගත් පුෂ්පකුමාර මැතිතුමා හා ගරු විජිත බේරුගොඩ මැතිතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ මහත්මිය, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා, ඌව පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු සංචාරක, ප්‍රවාහන, සංස්කෘතික පේෂ කර්මාන්ත හා කුඩා කර්මාන්ත අමාත්‍යංශ ලේකම් නිහාල් ගුණරත්න මහතා, ඌව පළාත් සභාවේ සංචාරක හා කර්මාන්ත අමාත්‍යංශයේ අධ්යක්ෂ සම්පත් නිශ්ශංක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.
මෙම සේවාවට සමගාමීව ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය හා වැල්ලවාය ලංකා ගමනාගමන මණ්ඩලය ඒකාබද්ධව ඒකාබද්ධව ඇල්ල සංචාරක කලාපයේ සිට බුදුරුවගල සංස්කෘතික උරුම පරිශ්‍රය දක්වා විශේෂ සංචාරක සේවා සහතික ලබාගත් බස් රථ සේවාවක් ද ආරම්භ කර ඇත. 055-2274881, 077-1057860 දරණ දුරකථන අංක මගින් අදාල ප්‍රවාහන සේවා කටයුතු සම්බන්ධයෙන් ඔබට වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.