බඹරකන්ද දිය ඇල්ල
per person
කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය පසුකළ විට හමුවන කළුපහන හන්දියෙන් වමට හැරී වීරකෝන් ගම හරහා කි.මී. 5 ක් ගමන් කළ විට මෙම මනරම් ආකර්ෂණීය දිය ඇල්ල හමුවේ.
ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද දිය ඇල්ල බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටා ඇති අතර උසින් මීටර් 241 ක් වේ. වලවේ ගඟේ පිහිටි උසම දියඇල්ල ලෙස ද බඹරකන්ද ඇල්ල නම් දරන අතර මුළු ලෝකයේ ම ඇති දියඇලි අතරින් 48 වැනි ස්ථානය ද හිමිකර ගනියි. මුහුදු මට්ටමේ සිට මීටර් 1470 උස කඳුකර මිටියාවතක පිහිටා ඇති අතර හෝර්ටන්තැන්න බෑවුම් ප්‍රදේශයෙන් උපත ලබා වේලි, ඔය ජල දහර නිර්මාණය වෙමින් වළවේ ගඟට එක් වී සමනල වැව පෝෂණය කරයි.
කළුපහනේ දී වේලි, ඔය හරහා ඉදිකළ යටත්විජිත පාලන සමයට අයත් යකඩ පාලමක් දක්නට ලැබෙන අතර එය කෙලින්ම පහළට කඩා හැලේ. මෙය වූ කලි බේසමක් වැනි ජල පොකුණ පිරිපුන් චමත්කාර දසුනකි. වැහි කාලයේ දී ඉතා ක්‍රියාශීලීව ඇද හැලෙන මෙම දිය ඇල්ල ඈතට දිස්වනුයේ මනස්කාන්ත අයුරිනි.
දියඇල්ල මුදුනේ උස් බිමේ සිට නරඹන විට එක් පසෙකින් උඩවළවේ ජලාශය ද අනෙක් පසින් තෙත් කලාපීය වැසි වනාන්තරය ද පැහැදිලි සිතුවමක් සේ දිස් වේ. මේ කඳු පන්තිය අවට ඇති විශාල ගල්වල විශාල වශයෙන් බඹර වද තිබූ බැවින් බඹරගල යන නම පටබැඳි ඇති බව මතයකි. සොබා සෞන්දර්යය වඩාත් තීව්ර වී තිබෙනුයේ බඹරගල ඇල්ලට සමීපව ඇති සදාහරිත වනාන්තරය නිසා ය.
කෙතරම් විශාල ජල ධාරාවක් ඇද හැලුණ ද පොකුණේ රැදෙනුයේ මීටර් 1.5 ක් පමණ ජල ප්රමාණයකි. මෙහි තවත් විශේෂත්වයක් වනුයේ, අනෙකුත් දිය ඇලි මෙන් අනතුරුදායක නොවීමයි. එබැවින් ඔනෑම වයසක අයෙක්ට එක සේ ඇල්ලේ පහස ලබමින් විනෝද විය හැකි ය.
සීතල ඇල්ලේ මිටියාවතට යාබදව ස්වාභාවිකව නිමවුණු පෙම් යුවළකගේ කැටයමක් වැනි විචිත්‍රවත් ගලක් පිහිටා ඇත. මෙම අපූරු නිමැවුම අනවරතයෙන් හමන සුළඟ සහ වැස්සත්, අකුණු වැදීමත් නිසා ස්වාභාවිකව නිර්මාණය වී ඇති බවට පෙනී යයි. ඈත අතීතයේ සිටම පැරණි රජවරු සතුරු උපද්‍රවවලින් ආරක්ෂා වීමට මෙම ඇල්ල සතු භූමිය තෝරාගත් බව ඓතිහාසික මූලාශ්රවල සඳහන් වේ.
කොස්ලන්ද තානායමේ සිට කි.මී. 27 ක් දුරින් මෙන්ම, බෙලිහුල්ඔය තානායමේ සිට කි.මී. 18 ක් දුරින් පිහිටා ඇති දිය ඇල්ලේ ඉහළ කොටසේ ෆයිනස් ගස්වල ව්‍යාප්තිය බෙහෙවින් චමත්කාරය. ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල මෙය වුවත් සංචාරකයන් අතර ජනප්‍රිය නොවූයේ දිය ඇල්ලේ ජලය විහිදෙන දර්ශනය විසිතුරු නොවීම හා උස වැඩි වීම නිසා ය.
අගෝස්තු මාසය පුරාවට බඹරකන්ද දිය ඇල්ල ආශ්රිත පරිසරයේ තදබල සුළං හමන බැවින් මෙම ප්‍රදේශය සුළං තොට නමින් හඳුන්වා තිබූ අතර පසුව මෙය දුල්තොට වී තිබේ.
ඔබේ දැනුම පොතට
පළාත | ඌව |
|
|
දිස්ත්‍රික්කය | බදුල්ල |
|
|
පොලිස් ස්ථානය | සමනල වැව |
|
|
රෝහල | හල්දුම්මුල්ල |
|