ඇල්ල
per person
ඝන වනාන්තරවලින් වැසී ඇති කඳු සහ තේ වතු වලින් සපිරි ජෛව විද්‍යාත්මක බවින් පොහොසත් මෙම කලාපය ශාක හා සත්ත්ව විශේෂ රැසකගේ නිවහන වී ඇත. මුහුදු මට්ටමේ සිට ඉතාම ඉහල මට්ටමක පවතින නිසා අවට පහත් බිම්වලට වඩා සීතල දේශගුණයක් පවතී. ඇල්ල කඳු වැටි අතරින් ශ්‍රී ලංකාවේ දකුණු තැනිතලාව හරහා දිවෙන මනස්කාන්ත දසුන් ඔබට දැකගත හැකිය. දකුණු වෙරළ තීරයේ ඇති ප්රදීපාගාරවල ආලෝකය පවා සුන්දර උදෑසනක දැක බලා ගත හැකිය.
ඇල්ල පිහිටා ඇත්තේ කඳුකරය හරහා ගමන් කරන උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට දුම්රිය නැවතුම් කිහිපයකින් පසුව ය. මෙම දුම්රිය මාර්ගය අවට පරිසරය වඩාත් ආකර්ෂණීය වන අතර, දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ද දැරිය හැකි මට්ටමක පවතී. බදුල්ලේ සිට පැමිණෙන දුම්රිය, ඇල්ල දුම්රිය ස්ථානය ඉතා කුඩා වුවද ඇල්ල ප්‍රදේශයේ සංචාරය කිරීම සඳහා පැමිණෙන බොහොමයක් සංචාරකයින්ගේ ජනප්‍රියතම ප්‍රවාහන මාධ්‍යය වන්නේ දුම්රිය යි. මෑතකාලීනව සංචාරකයින් සඳහාම සුවිශේෂ වූ “ඇල්ල ඔඩිසි” දුම්රිය යොදවා ඇත්තේද මෙහි පැමිණෙන සංචාරකයින්ගේ ගමනාගමන පහසුව සැලසීම පිණිස ය.
වසරේ වැඩි කාලයක් උස් කඳුකර ප්‍රදේශයේ කාලගුණය ඒකාකාර වන අතර දහවල් වන විට උණුසුම් හිරු රශ්මියකින් සහ සුවපහසු වාතාශ්රයකින් සමන්විත වේ. සවස් වරුවේ නිතර කෙටි වර්ෂාව සහිත ශීත කාලගුණයක් පවතින නිසාවෙන්, ජර්සි හෝ සැහැල්ලු වැහි කබාවලින් සැරසීම සංචාරකයින්ගේ දේහ උෂ්ණත්වය පහසුවෙන් පවත්වා ගැනීමට උපකාරී වේ. කෙසේ වුවද මෙම ප්‍රදේශය සඳහා දෙසැම්බර් මාසයේ දී තද වැසි ඇතිවිය හැකිය.