පඬුවස්නුවර
per person
මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් වයඹ චතුරශ්‍රය ලෙස නම් කරනු ලැබූ ව්‍යාපෘතීන් හතරෙන් එකකි පඬුවස්නුවර. පඩුවස්නුවර විශේෂ වැදගත් බවකට පත් වන්නේ මහා පරාක්‍රමබාහු රජු පොළොන්නරුව කේන්ද්‍ර කොට ගෙන සමස්ත ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයට පත්වීමට පෙර ඊට සූදානම් වෙමින් දක්ඛිණ දේශයේ ප්‍රාදේශීය පාලකයා වී සිටි අවධියෙහි එය තම අගනුවර කර ගත් බැවිනි. රජු මෙහි කලින් පැවති වැවක් විශාල කොට සාදවා මුළු ප්‍රදේශයේ ම ගොවිතැන දියුණු කරමින් පොළොන්නරුව අල්ලා ගැනීම සඳහා සූදානම් වූ බවත් එහි අගනා රජමාළිගාවක් තැන වූ බවත් පෙනේ. එදා එය “පරාක්‍රමපුරය” යැයි නම් වී තිබුණි. මාළිගයේ නටබුන් මෙහි දිස්වන අතර භූමි සැලැස්මෙන් එය පොළොන්නරුවේ මාළිගයට සමානව නමුත් එතරම් විශාල නොවී ය. මෙහි හෙක්ටයාර 20 ක පමණ භූමි ප්‍රදේශයක නටබුන් විසිරී පවතී.
දඹදෙණියෙහි අවසන් වරට රජ කළ පළමුවන බුවනෙකබාහු රජු (1272-1284) රාජධානිය යාපහුවට ගෙන ගියේ ය. ඔහුගේ මරණින් පසු වසරක පමණ පැවැති අරාජික සමයෙහි පාණ්ඩ්‍ය සේනා රට ආක්‍රමණය කොට දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේලා පැහැරගෙන ගිය පසු (1293) පාණ්ඩ්‍ය දේශයට ගොස් ගිවිසුමකට එළඹ එම ධාතූන් වහන්සේලා ආපසු ගෙන ආ බව කියැවේ.