තිස්සමහාරාම
per person
රුහුණ යනුවෙන් පුරාණයේ හැඳින්වුණු ශ්‍රී ලංකාවේ දකුණුදිග පිහිටි ප්‍රදේශයේ ඉතා වැදගත් ජාතික උරුම ස්ථාන සැලකිය යුතු සංඛ්‍යාවක් දක්නට ඇත. ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් කාර්යය ගණනාවක් සිදු වූ රුහුණෙහි අගනගරය වූයේ මාගම ය. දකුණුදිග ලංකාවේ අගනුවර ලෙස සැලකුණු මෙය වර්තමානයේ තිස්සමහාරාමය ලෙස හැඳින්වේ. එය අනුරාධපුරය තරම් පැරණි ඉතිහාසයකට උරුමකම් කියන්නකි. රුහුණ පුරාණ මුහුදු සේද මාවතේ වැදගත් සන්ධිස්ථානයක් විය. මහාවංශයේ සඳහන් පරිදි මාගම නගරය ක්‍රි.පූ. 3 වන සියවසේ දී පිහිටුවන ලද්දේ මහානාග රජු විසිනි. එම ප්‍රදේශය අවට ඇති තැනිතලා ප්‍රදේශය තුළ පිහිටි සෘජුකෝණාස්‍රාකාර උස් බිමක් වන අතර එය අද අකුරුගොඩ නමින් හැඳින්වේ.
තිස්සමහාරාමයෙහි වඩාත් ආකර්ශනීය ස්ථාන
තිස්සමහාරාම ස්තූපය
තිස්සමහාරාම ස්තූපය, රුහුණේ මාගම පිහිටා ඇති අතර එය සුවිශේෂී ස්ථානයක් ගනු ලබයි. පුරාණ ලේඛනයන්හි සඳහන් ආකාරයට ක්‍රි.ව 1 වන සියවසේ දී පමණ මෙහි භික්ෂූන් වහන්සේලා 12000 ක් වැඩ වාසය කර ඇත. මාගම රජ කළ මුල් රජ කෙනෙකු වූ කාවන්තිස්ස රජු විසින් මෙම ස්තූපය තනවා එහි දළදා වහන්සේ නමක් ද තැන්පත් කරන ලදී. මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මෙහි කැණීම් සිදු කොට තහවුරු කිරීම් සිදු කරන ලදී.
සඳගිරි විහාරය
තිස්සමහාරාම විහාරයෙන් නැගෙනහිරට මීටර් 300ක් දුරින් සඳගිරි විහාරය පිහිටා ඇත. එය රුහුණු, මැණික් වෙහෙර, යටල වෙහෙර, තිස්සමහාරාම සහ සඳගිරිය යන ප්‍රධාන විහාර සතරෙන් කොටසකි. පළමුව මහානාග රජු විසින් ඉදි කොට පසුව කාවන්තිස්ස රජු විසින් යළි පිළිසකර කළා යැයි සැලකෙන මෙය තිස්සමහාරාම විහාරයට සමීපතම ප්‍රධාන දාගැබ වේ. කැණීම්වලින් ඉස්මතු වූ බෝධිඝරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනු ශාඛා (අෂ්ටඵල) බෝධි වෘක්ෂයන් මෙහි හිඳුවන ලද අවස්ථාවේ ඉන් එකක් මෙහි සිටුවන ලද යැයි සැලකේ. ස්තූපය හැරුණු විට පටිමාඝරයක නටබුන් ද ශිලා ලේඛනයක් සහිත ශිලා ස්තම්භයක් ද මෙහි තිබේ.
කෙටි තොරතුරු
පළාත | දකුණු පළාත |
|
|
දිස්ත්‍රික්කය | හම්බන්තොට |
|
|
පොලිස් ස්ථානය | තිස්සමහාරාම |
|
|
රෝහල | තිස්සමහාරාම |
|
|
සම්බන්ධතා අංකය | +94 472 239 082 |