සීගිරි පර්වත මුදුනේ සිට ඉර සේවය නැරඹීමේ නව අත්දැකීමක්
සීගිරිය පර්වත මස්තකයේ සිට ඉර සේවය නැරඹීමට අවස්ථාව ලබාදීමට 2023/01/14 වන දින සිට මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘතිය මගින් කටයුතු සංවිධානය කර ඇත. එම ආරම්භක අවස්ථාව සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය, විදුර වික්‍රමනායක මැතිතුමාගේ සහභාගීත්වය සිදුවන අතර, සංචාරක ආකර්ෂණය හා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා මෙම කාර්යය ආරම්භ කිරීම මෙහි මුඛ්‍ය පරමාර්ථය වේ.
දේශීය විදේශීය සංචාරයින් උදෙසා ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස සීගිරිය ප්රවර්ධනයවීම මෙමගින් සිදුවේ. 2023/01/14 වන දින සිට සතියේ සෑම දිනකම පෙ.ව. 5.30 ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට සහ සීගිරිය පරිශ්‍රයට ඇතුල්වීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.